COVID-19, ඉන්ධන සහ ඖෂධ හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම නැවත සලකා බලන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය රට වැසියන්ට දන්වා තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තෙවැනි මට්ටමේ අනුතුරු ඇඟවීමක් ඇමෙරිකාව විසින් නිකුත් කර තිබේ.
මේ අනුව ලංකාවේ සංචාරය කිරීමේදී නැවත සලකා බලන ලෙස එම අනතුරු ඇඟවීමෙන් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉන්ධන සහ ගෘහස්ත ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ශ්‍රී ලංකාව අත්විඳිමින් සිටින බවත් ආර්ථික තත්ත්වය සහ ඉන්ධන පිරවුම්හල්, සිල්ලර වෙළඳසැල් සහ සමහර ෆාමසිවල පෝලිම් සම්බන්ධයෙන් මෑතකදී විරෝධතා ඇතිව තිබෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
රට පුරා විරෝධතා ඇති වී ඇති බවත් ඒවා බොහෝ දුරට සාමකාමී වුවත් ඇතැම් අවස්ථාවල විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි
විදුලි ජනන යන්ත්‍ර අවශ්‍ය සඳහා ඉන්ධන එන්න එන්නම හිඟ වන බැවින් දිවයින පුරා දෛනිකව සැලසුම් සහගත විදුලිය ඇනහිටීම් මෙන්ම සැලසුම් නොකළ විදුලිය ඇනහිටීම් ද සිදු වී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
සමහර අවස්ථාවල පොදු ප්‍රවාහනය සීමා කර හෝ සීමා කර ඇතැයිද එ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.