ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ට එංගලන්ත පුහුණුවේ දොර වැසෙයි?
ශ්‍රී ලංකාවේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට එංගලන්තයේ ලබාදෙන පුහුණුව තාවකාලිකව නවතා දැමීමට එංගලන්තයේ RCP (Royal College of Physicians) ආයතනය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, ගෙවීම් නිසිපරිදි නොගෙවීම මෙන්ම වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකාවෙන් ලබාදෙන ඩොලර් දීමනාව නියමිත පරිදි නොලැබීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය කර තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළේ RCP ආයතනය විසින් ගත් මෙම තීරණය ඉදිරියේ අනෙකුත් ක්ෂේත්රවල විශේෂඥ වෛද්‍යවරුන්ට පුහුණුව ලබාදෙන අනෙකුත් ආයතන විසින්ද අනුගමනය කිරීමට හැකියාවක් ඇති බවයි.
එංගලන්තයේ RCP ආයතනය මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාද් වෛද්‍ය විද්‍යාතනය සමග සාකච්ඡා කිරිමට සූදානමින් පසුවෙයි.

popular news
-
Kumar Sunday, 20 February 2022 06:06 PM
ema ayathanawalata polla thiyalada?
Reply : 0 0
Wimal Sunday, 20 February 2022 10:03 PM
This will not affect doctors who go for employment with uk registration.
Reply : 0 0
Ashan Monday, 21 February 2022 05:31 PM
ගිය එකේක් ලංකාවට යන්නේ නැතුව ඉන්න එක තමා හොද එයාලා හොදටම කරනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

