ලංකාවේ විශාලම තෙල් පිරිපහදුවේ ඉදිකිරිම් ලබන වසරේදී
ශ්‍රී ලංකාවේ විශාලතම තෙල් පිරිපහදුව ඉදි කිරීමේ කටයුතු ලබන වසරේ දී ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා එම අදහස් පළ කළේ මුලන දික්වල පාළමේ ඉදිකිරීම් කටයුතු අරඹමින් ඒ සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකාවේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් අප රට තුළ පිරිපහදු කරනුයේ සියයට 30ක් පමණ ප්‍රමාණයක් බවත් ඉතිරි පිරිපහදු කරන ලද ඉන්ධන සියල්ලම විදේශ රටවලින් ආනයනය කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
මේ හේතුවෙන් වාර්ෂිකව විශාල මුදලක් රටේ මුදල් විදේශවලට ඇදී යන අතර සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව හා හම්බන්තොට ඉන්ධන පිරිපහදුවට අමතරව තවත් විශාල මට්ටමේ ඉන්ධන පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පසුගිය සතියේ පවත්වන ලද සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන් මෙම තීරණය ගෙන තිබේ.

popular news
- 
                            
rana Tuesday, 14 January 2020 12:13 PM
මෙතෙක් ගෞරවයෙන් කියපු මම දැන් " පච කෙලින් නැතිව හිටපන් මිනිහෝ" කියන්නේ මේ මනුස්සයාගේ බොරු දරා ඉන්න බැරි නිසාය.
Reply : 0 0
Kumar Thursday, 16 January 2020 09:00 PM
මේ පිරිපහදුව ගැන කතා කරන්නට පටන් ගත්තේ 2004 වර්ෂයේ පමණ නේද. මේ වැනි ව්‍යාපෘතියකට අති විශාල මුදලක් වැය කරන්න වෙන බව කියන්න ඕනේ නැහැනේ. ලංකාව වගේ රටවල් තවමත් නය දෙන එකම රට චීනයයි.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                