ලංකාවේ විද්‍යුත් වාහන භාවිතය තවමත් සියයට එකයි
"දැනට මෙරට භාවිත වාහන ප්‍රමාණයෙන් විද්‍යුත් වාහන ප්‍රතිශතය සියයට එකයි. ඒක යම් ප්‍රමාණයකින් වැඩිකරලා ඒවා ආරෝපනය කරන්න පුනර්ජනනීය බලශක්තිය භාවිත කරන්න හැකි නම් පොසිල ඉන්ධන සදහා වියදම් වන රුපියල් බිලියන ගණනක් ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ පුනර්නනීය බලශක්ති විභවතාව ඉහළින්ම ප්‍රයෝජනයට ගන්නත් අවසානයේදී ආර්ථිකයට ඉහළ දායකත්වයත් ලබාදෙන්නත් පුලුවන්” යැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කර සිටියේය.
එලෙස අදහස් දැක්වූයේ විද්‍යුත් වාහන ආරෝපනය සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම (National EV charging infrastructure policy stakeholders consultation workshop) වෙනුවෙන් පාර්ශවකරුවන් ඉලක්ක කරගත් විශේෂ වැඩමුළුවක් කොළඹදී ආරම්භ කරමිනි.
විද්‍යුත් වාහන භාවිතයේ වර්ධනය සීමා වීමට බලපා ඇති සීමාකාරී සාධක හදුනාගෙන ඒවා මග හරවාලීම සදහා ගත හැකි සියලුම පියවර ගැනීමට කටයුතු කරන බවද විශේෂයෙන්ම විදුලිය ඉල්ලුම අඩු දිවා කාලයේදී වාහන ආරෝපන සදහා අඩු අය කිරීමක් හදුන්වාදීමත් නාගරික ප්‍රදේශවලින් පිටත ආරෝපන මධ්‍යස්ථාන බිහිකිරීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම ආදී ක්‍රමවේද භාවිත කරන බවද අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කලේය.
බලශක්ති අමාත්‍යාංශයේ එක්සත් ජතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහ දේශගුණික සහ පිරිසිදු වායු පිළිබද සන්ධානයේ (CCAC) එකතුවෙන් සංවිධානය කරන මෙම වැඩමුළුව සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ජාතික පද්ධති කළමනාකරු පෞද්ගලික සමාගම, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා පෞද්ගලික සමාගමේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම යන ආයතන ද එක්වෙයි.
මෙම අවස්ථාව සදහා නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය අර්කම් ඉල්යාස්, බලශක්ති ආමත්යංහයේ ලේකම් රසල් අපෝන්සු, බලශක්ති අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජෙනරාල් (ඉංජිනේරු) ජේ.අයි.ඩී ජයසුන්දර මහතා ඇතුළු ඉහළ නිළධාරීහුද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය ඇතුළු ක්ෂේත්රයට අදාළ ඉහළ පෙලේ පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

