ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්රමුඛ පිරිස එම තානාපති පරිශ්‍රයේ පසුගියදා විදේශ ඇමති අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවය හරහා දෙරට අතර සබදතා වඩාත් ශක්තිමත් විය.
වොෂින්ටන් උත්සවය සදහා රුපියලක් හෝ ශ්‍රී ලංකා රජයෙන් ලබා නොගැනීමට තානාපති මහින්ද සමරසිංහ ක්‍රියා කිරීමද විශේෂත්වයකි. මෙම අවස්ථාවට ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඇමෙරිකානු භාණ්ඩාගාරය, ආරක්ෂක, වානිජ දෙපාර්තමේන්තුව,US Aid, ලෝක බැංකුව, IMF ඇතුළුඇමෙරිකානු රජයේහා සෙසු ආයතන වල ඉහළම ප්රබලයන්හා සෙනෙට් හා කොංග්රස් සභිකයන් මෙන්ම තානාපතිවරුහා ලාංකිකයන් ඇතුළු 400ක් එක්වූහ.
පිළිගැනීමේ කතාවකල තානාපති මහින්ද සමරසිංහ මහතා : " දෙරටේ මිත්‍රත්වය ඉතිහාසගතයි. ඇමෙරිකාවේ ඹිල්කට්තුමා ලංකාවට පැමිණ පාසල් ඇරඔුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කලා. අපේ කුමාරස්වාමි මහතා ඇතුළු අය ලංකාවේ කලාව හා බෞද්ධ පන්සල් ඇමෙරිකාවේ ඇරඔුවා. ලංකාව සුනාමියට බිලිවී පැය 48ක් තුළ ඇමෙරිකානු හිටපු ජනපතිවරු තිදෙනෙක් ලංකාවට පැමිණ උපකාර කලා. ඇමෙරිකානු දරුවන් තම දිවා ආහාර මුදල් ලංකාවේ දරුවන්ගේ පාසැල් අධ්‍යාපනයට තෑගි කලා. අප දෙරට අතර මිත්‍රත්වය සදාතනිකයි" යනුවෙන් සඳහන් කළේය.
අනතුරුව US Aid වෙනුවෙන් ක්ලින්ටන් වයිට් මහතා කතා කරමින් 1956 සිට US Aid ලංකවට කල උදව් මෙන්ම ඉදිරියටත් උපරිම සහාය දෙන බව කීය.,දකුණු හා මධ්‍යම ආසියානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රකාශ කළේ දෙරටේ තරුණ පරපුර එක්වගමන් කරන පසුබිම තැනීම අත්‍යවශ්‍ය බවය.
විදේශ ඇමති අලි සබ්රි මහතාකතා කරමින් , "ආර්ථිකය සහජීවනය හා සෙසු ක්ෂ්‍රේත්‍ර වලටඇමෙරිකාව ලංකාවට සමීපම රටක් ලෙස දැක්වූ සහායඅගය කරන අතර ඉදිරියටත් එම සුහද බව හා සහාය වර්ධනයවීම ඒකාන්තයි. තානාපති මහින්ද මෙම තනතුරට පත්වීමෙන් දෙරට අතර සබදතා තරවූණා.අපේ විදේශ සේවයත් ශක්තිමත් වූණා"ඇමතිවරයා කීය.




