ලංකාවේ රාජ්‍ය සේවකයෝ හැසිරෙන්නේ රජවරු වගේ
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් හැසිරෙන්නේ රජවරුන් ලෙස බවත් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මෙන්ම අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බවත් දකුණු කොරියාවේ ආපදා සහන පදනමේ සභාපති චෝ සුංග් ලී පැවැසීය.
සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ පැවැති හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.මෙහිදී දකුණු කොරියාව වසර 40ක් වැනි කෙටි කාලයක් තුළ බලවත් රටක් බවට පත්වූ අකාරය සාකච්ඡාවට ලක්විය.
“නව ගම්මාන ව්‍යාපෘති යනු සංවර්ධිත රටක් බවට පත්වීම සඳහා රටක භූමියේ සිට ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියක්.දකුණු කොරියාවේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ ගම්වලින්. මිනිසුන්ට කාර්යක්ෂමව හා ඉක්මනින් භාවිත කළ හැකි වන පරිදි අපි සියලු මාර්ග ඉදි කළා. එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දකුණු කොරියානු රජය අරමුදල් සම්පාදනය කළා.
ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වීමට අවශ්‍ය නම් මිනිසුන්ගේ චින්තන රටාව වෙනස් විය යුතුයි. ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි.
ගුරුවරු වෙනස් නොවුණොත් ලංකාව ගැන බලාපොරොත්තුවක් නෑ. ඒ නිසා මුලින්ම මිනිස්සුන්ගේ චින්තන රටාව වෙනස් කරන්න කලින් ගුරුවරුන්ගේ චින්තන රටා වෙනස් කරන්න ඕන.
ශ්‍රී ලංකාවේ ළමයින් ජීවත් වන ආකාරය සහ ඔවුන් අත්විඳින දේ ගුරුවරුන් දැන සිටිය යුතුයි. අධ්‍යාපනික අරමුණු සඳහා අපට වඩා හොඳ සහ අලුත්ම ගොඩනැඟිලි අවශ්‍ය නොවේ. අපට අවශ්‍ය වන්නේ හොඳ ගුරුවරුන්.
රාජ්‍ය නිලධාරීන්ගේ ප්රතිසංස්කරණයක් ඇති කළ යුතුයි. කවදාවත් හිතන්න එපා දේශපාලකයෝ රටේ ගෞරවනීයම මිනිස්සු කියලා. දකුණු කොරියාවේ ඕනෑම රාජ්‍ය ආයතනයකට එන සෑම පුද්ගලයෙකුටම රාජ්‍ය නිලධාරීන් ආචාර කිරීමට පුරුදුව සිටියද ශ්‍රී ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්
රටක ජනතාව ස්වෛරී ය. නමුත් ලංකාවේ රාජ්‍ය සේවකයෝ හැසිරෙන්නේ රජවරු වගේ. ඒ නිසා ඒ විදියට ශ්‍රී ලංකාව වෙනස් රටක් බවට පත්වෙලා.”

popular news
-
මංගල Thursday, 22 December 2022 11:31 AM
නියම ඇත්ත කියල තියෙන්නේ. රජයේ කාර්යාලයකට ගියාම ඒවල ඉන්න සේවකයො නෙවෙයි ඔක්කොම මිස්ලා ,මැඩම් ලා, සර් ලා . වැඩ නම් බලු.
Reply : 0 0
Nelum Pushpasiri Friday, 23 December 2022 03:49 AM
මෙි ද. කොරියානු නියෝජිතයා කතා කරන්නේ අපේ රටෙි සමාජ බලගන්වන හා පුණරැත්ථාපන ඇමති වරයාට හා ඔහුගේ උද්දචිච මානසිකත්වය ඇති නිලධාරින්ට. ජනාධිපති තුමනි, මෙවැනි අමන තකතීරැ දේදේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරින් හට නිසි දඬුවම් ලබා දී මෙි රට ගොඩනගන්න. පොහොටිටුවෙි අපතයන් තවමත් රට ගැන හිතන්නේ නැහැ. මොවුන් වහාම ඉවත් කරන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

