ලංකාවේ භුගත විදුලි රැහැන් සහිත ප්‍රථම නගරය ගාල්ල බවට ගාල්ල පත්කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ, අද (9) පෙරවරුවේ ගාල්ල, හෝල් ඩී ගෝල් ශාලාවේ පැවති ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ වන ගාල්ල දිස්ත්‍රික් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
“පොසිල ඉන්ධන වලින් තොර විදුලිබල ක්ෂේත්රයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යෙයේ දැක්ම තුළින් අපට ලබාදී තිබෙන ඉලක්ක වෙනුවෙන් මේ වනවිට විදුලිබල ක්ෂේත්රයේ දිශානතිය පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කරලා හමාරයි.
ජලය, හිරු එළිය, වගේම සුළගත් විදුලිබල ක්ෂේත්රයේ ආත්මීය සංකල්පයන් බවට පත්වෙලා. සෞභාග්‍යයේ දැක්ම කරා රට ගෙනයන ගමනේ මංපෙත්, විදුලියේ එළියෙන් ඒකාලෝක කරන්නට, ඒ යන ගමනේ පෙරගමන්කරු වන්නට අප දැන් සූදානම්.
ඒ වෙනුවෙන් වන අභියෝග ජය ගන්න, විදුලි පාරිභෝගික සේවාව වඩාත් කාර්යක්ෂම, ලාභදායි, අඛණ්ඩ සේවාවක් බවට පත්කරන අතරම, ජනතා ආරක්ෂාව වගේම නගර අලංකරණය වෙනුවෙන් භූගත විදුලි රැහැන් පද්ධතියක අවහ්‍යතාවය දැන් අපට මතුවෙලා තිබෙනවා.
ඒ අනුව දිවයිනේ ප්‍රථම වරට භූගත රැහැන් මාර්ග යොදාගනිමින් විදුලිය බෙදාහැරීමේ ජාලයක් ගාල්ල නගරයේ ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කරන්න ලංකා විදුලි පුද්ගලික සමාගමත් සමගින් මේ වනවිට සියළු සැලසුම් සකස් කර අවසන්” යැයි විදුලිබල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.