ලංකාවේ බූස්ටර් මාත්රාව මුලින්ම චීන ජාතිකයන්ට
කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්රී ලංකාවේ මුලින්ම බුස්ටර් මාත්රාව (තෙවැනි මාත්රාව) ලබාගත් පිරිස බවට ශ්රී ලංකාවේ සිටින චීන ජාතිකයන් පත්ව තිබේ.
ඒ අනුව සිනෝෆාම් පළමු හා දෙවැනි මාත්රා ලබාගත් චීන ජාතිකයන් වෙත අද (22දා) කොළඹ වරාය නගර පරිශ්රයේදී එහි තෙවැනි මාත්රාව ලෙස සිනෝෆාම් එන්නතම ලබාදී තිබේ.
මෙම වැඩසටහන හෙට දිනයේදීත් ක්රියාත්මක කිරීමට නියමිත අතර කොළඹ වරාය නගරයේදී පළමු හා දෙවැනි මාත්රාව ලබාගත් චීන ජාතිකයන් වෙත එ හි තෙවැනි මාත්රාව මෙසේ ලබාගැනීමට අවස්තාව තිබේ.
මේ අනුව 3000කට ආසන්න චීන ජාතිකයන් පිරිසක් තෙවැනි මාත්රාව සඳහා සුදුසුකම් ලබනු ඇත.

popular news
-
Rocky Saturday, 23 October 2021 07:30 AM
Owu ithin. Rate Ayithikaarayinta mulinma salakanna epaa ye!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

