මෙරට ප්රථම බලශක්ති ගබඩා පද්ධතිය හා දියජනනි දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද (18) ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
අනුරාධපුරයේ ඉදිකර ඇති බැටරි බලශක්ති ගබඩා පද්ධතිය මෙගාවොට් 10ක ධාරිතාවකින් සමන්විතය. දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද දියජනනි පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය හරහා මෙගාවොට් 5 ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු වෙයි.