ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත සිදු කරන ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම අද උදෑසන සිදු කරනු ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය ලංකාවේ පළමු ජලය මත ඉදි කරන සූර්ය බලාගාර ව්‍යපෘතිය වන අතර මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙකක් සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව මත ඉදි කරන බව අමාත්‍යවරයා පවසයි. මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
