රට පුරා ඇති කැණීම් ස්ථාන විදිමත් පරිදි පුනරුත්ථාපනය නොකිරීම සම්බන්ධව තමන්ට සතියක් තුළ විමර්ශණාත්මක වාර්තාවක් සපයන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයාට හා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබිනි.
ඒ අනුව ඔවුන් විසින් සකස් කළ ශ්‍රී ලංකාවේ කැණීම් ස්ථාන පුනරුත්ථාපනය පිළිබඳ විමර්ශනාත්මක වාර්තාව පෙරේදා (15) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය. එම අවස්ථාවට එම ආයතනයේ සභාපති මංජුල ප්‍රසාද් හේවගේ හා අධ්යක්ෂ ජනරාල් සජ්ජන සිල්වා යන මහත්වරු සහභාගි වූහ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් නිකුත් කරන කැණීම් බලපත් මගින් අදාල කැණීම් කළ ඇතැම් ස්ථාන මර උගුල් බවට පත් වී තිබේ. ඇතැම් ස්ථාන බැලීමට පවා බියකරු ලෙස විශාල ආවාට වැනි ගැඹුරු වළවල් හෑරී ඇත. මෙම ස්ථාන කැණීම් අවසන් වීමෙන් පසු අවිදිමත් ලෙස අත්හැර දැමීම නිසා මිනිසුන්ට මෙන්ම වන සතුන්ට ද ජීවිත හානි සිදුවිය හැකි ස්ථාන බවට පත්විය හැකිය. එමනිසා එවැනි කැණීම් ස්ථාන පුනරුත්ථාපනය කිරීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන්නැයි පරිසර අමාත්‍යවරයා GSMB ආයතනයට උපදෙස් දුන්නේය.
ඒ අනුව 2012 සිට 2021 මාර්තු දක්වා කාලය තුළ පුනරුත්ථාපනය නොකරන ලද කැණීම් භූමි ප්‍රමාණය 950ක් තවමත් තිබේ. එමෙන්ම ස්ථාන 2491ක මේ වනවිට පුනරුත්ථාපනය කටයුතු අවසන් කර ඇත. කැණීම් බලපත්‍ර ලබා දෙන විට පුනරුත්ථාපනය සඳහා බැංකු ඇපකරයක් තබා ගනු ලබයි. මේ වනවිට පුනරුත්ථාපන කටයුතු අවසන් කර ඇති භූමිවලින් සියයට 70ක බැංකු ඇපකර ආපසු ලබා ගෙන ඇත.
කැණීම් අවසන් කිරීමෙන් පසුව එම ස්ථාන නිසි පරිදි පුනරුත්ථාපනය නොකරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, එවැනි ආයතන හා පුද්ගලයින්ට නැවත බලපත් ලබා නොදීමට අවධානය යොමුකරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දුන්නේය. එමෙන්ම පුනරුත්ථාපන කටයුතු අවසන් යැයි සඳහන් කරමින් බැංකු ඇපකර ආපසු ලබා ගත් ස්ථානවල එම කටයුතු විදිමත් පරිදි සිදු කර ඇත්ද යන්න සම්බන්ධව නැවත සොයා බලන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
මෙම කටයුතුවලදීත් ඇතැම් නිලධාරින් විසින් අක්‍රමිකතා සිදුකර ඇතැයි තමන්ට වාර්තා වී ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඇතැම් කැණීම් ස්ථාන විදිමත් පරිදි පුනරුත්ථාපනය නොකර එහෙත් පුනරුත්ථාපනය කළ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇප මුදල් ආපසු ලබා ගෙන ඇති බව ද ඇමැතිවරයා කීය.
කෙසේ වුවද මෙම කැණීම් ස්ථාන මහජනතාවට බිය හා සැකයකින් තොරව ගැවසිය හැකි ආකර්ශණීය ස්ථාන ලෙස පුනරුත්ථාපනය කිරීම තමන්ගේ ඉළක්කය යැයි ද ඒ සඳහා තමන් විසින් මිහිමවට කන් දෙමු නමින් වැඩ පිළිවෙළක් ආරම්භ කළ බව ද ඇමැතිවරයා කීය.
