ලංකාවේ උසම හා වටිනාම, කතරගම දෙවියන්ගේ හිටි පිළිමයක් අහංගම
ලංකාවේ උසම හා වටිනාම කතරගම දෙවියන්ගේ හිටි පිළිමයක් මේ වන විට ඉදි කර ඇත. ඒ ගාල්ල,අහංගම,අහංගම් කන්ද,විසුද්ධාරාම විරාණ විහාරස්ථානයේ ය.මෙම හිටි පිළිමය සති අටක වැනි කෙටි කාලයකින් නිර්මානය කර ඇති අතර,එම පිළිමයේ උස අඩි විස්සක් පමණ බැව්, අහංගම,අහංගම් කන්ද,විසුද්ධාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී වත්තල දමිතවංශ හිමියෝ පැවැසුහ.
පාරම්පරික මූර්ති නිර්මාණ පරපුරකින් පැවැත එන දිගරැද්ද, ගාමිණි මහින්දසිංහ කලා කරුවා මෙම හිටිපිළිමය නිර්මාණ කරණයෙන් දායකත්වය දක්වා ඇත.
මෙම පිළිමය නිර්මාණය කර ඇත්තේ ශ්රී පාද පත්මය දෙස බලා සිටින ආකාරයෙනි. මෙහි නෙත් ස්ථාපනය කර ඇත්තේ එකී දිසාන්තයක් දක්වා යොමුවන වූ ආකාරටය.
කතරගම දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමට හා සෙත් ශාන්ති කරවා ගන්නට ඇසළ පොහොය නිමිති කරගෙන ජනතාව සදහා ලබා දෙන්නට කටයුතු සිදු කරන බව,අහංගම,අහංගම් කන්ද,විසුද්ධාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරී වත්තල දමිතවංශ හිමියෝ පැවැසුහ.
හබරාදුව නිමල් අල්ගෙවත්ත




popular news
-
Kumar Monday, 28 February 2022 05:38 PM
may wage rupawalin mokakada thibena proyojanaya.
Reply : 0 0
උපාසක Tuesday, 01 March 2022 12:23 AM
අහෝ දුකකි දැන් දැන් බුදු දහම පංසලෙන් ඉවත්ව දෙවියන්ට මුල්තැනක් ලැබෙමින් පවතින බවක් පේනවා (මෙවැනි ක්රියා කරන අයට නැණස පහලවේවා)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

