ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන 14 ක් හොර රහසේ පුද්ගලික සමාගමකට පැවරීමට රජය ක්‍රියාත්මක කරන බවත් ඊට විරුද්ධව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළද සමිතිය 13 දින රජයට අනතුරු අගවන බව දන්වා සිටිති.
මෙම කණ්ඩායම 13 දින දඹුල්ලේදී විශේෂ සාකච්චාවක් පවත්වා අනතුරුව මාධ්‍ය හමුවක් කැදවමින් මේ බව සදහන් කරන්නට වුහ.
ඔවුන්ගේ සාකච්චාවේදී එකම දිනක එකම වෙලාවට ලංකාව පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන 14 ම වසා දමා විරෝධතා පැවැත්වීමට , අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හා ජනාධිපති වරයා මුණ ගැසී කතා කිරීමටද තීරණය විය.
මෙහිදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් ලංකාවේ පිහිටා ඇති ආර්ථික මධ්‍යස්ථාන දහ අටෙන් දාහතරක් පෞද්ගලික සමාගමකට පවරා දීමට වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ගෙන ඇති කැබිනට් මණ්ඩල සංදේශය වහාම හකුලාගන්නා ලෙසත් එසේ නොකරන්නේ නම් පසුගිය ආණ්ඩු වලට සිදු වූ විපත මෙම රජයටත් සිදුවන බව තබුත්තේගම ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතා රජයට අනතුරු අඟවන ලදී.
ආර්ථික මධ්‍යස්ථාන සියල්ලේම නියෝජනය කරමින් පවතී මාධ්‍ය හමුවේදී ඔවුන් සියලු දෙනා කියා සිටියේ කිසිදු පෙර දැනුවත් කිරීමකින් තොරව මෙතෙක් නිසි ලෙස ලියාපදිංචි හෝ නැති පුද්ගලික සමාගමකට ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල බදු දීමට අමාත්‍ය වරයා මේ වනවිට කැබිනට් පත්‍රිකාවක් මගින් ඉදිරිපත් කර ඇති බවය .
වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉතා සූක්ෂම ලෙස ආර්ථික මධ්‍යස්ථාන කිසිවෙකුටත් නොදන්වා ලියාපදිංවි වීශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම පිණිස සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීම සදහා බව පවසමින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන 14ක් පෞද්ගලික කරනය කිරීම සඳහා රජය උත්සාහ දරමින් සිටින බව මෙම සංගමය චෝදනා දැඩිව කරන්නට විය.
කිසිදු ආකාරයකින් රජයට මෙම ක්‍රියාවලිය ඉටුකරදීමට ඉඩ හසර ලබා නොදෙන බවත් ලංකාව පුරා ඇති ආර්ථික මධ්‍යස්ථාන සියල්ල වසා දමා ගොවි ජනතාව කම්කරු ජනතාව සමඟ පාරට බැස මෙම රජයට පසුගිය රජයන්වලට අත් වූ ඉරණම ඉටු කරන බවද තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතා මෙහිදී අවධාරණය කරන්නට විය.
ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වෙළඳ සංගමයේ සාමාජිකයින් එහි සභාපති රෝහණ බණ්ඩාර ලේකම්වරයා ඇතුළු කණ්ඩායම මාධ්‍ය හමුවේදී දැඩිව කියා සිටියේ රජය හොර රහසේ කළමනාකරණ බහාරය සතුව ඇති වත්කම් සියල්ල හා මුදල් සමග ලියාපදිංචි කිරීමක් නැති පෞද්ගලික ා සමාගමකට බදු දීමට සූදානම් වන්නේ කුමන අරමුණක් සදහාද යන්න ප්‍රසන කරන්නට විය.
මෙම ක්‍රියාවලියට ඉඩ ලබා නොදෙන බවත් ඔහු අවධාරණය කරති.එමෙන්ම එක් පසෙකින් නිත්‍යානුකූල කටයුතු කිරීමටත් තවත් පසෙකින් ඔවුන් ඒකාබද්ධව අරගල කිරීමටත් තවත් පසෙකින් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා දැනුවත් කිරීම සිදුකරන බවද මෙම සංගමයේ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

