ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය දෙනවලු
විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම ඉදිරියේදී ශ්‍රි ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන ක්ෂේත්රයක් බවට විදුලි බලය පත්කරන බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව විදේශීය අයෝජනයක් හරහා ශ්‍රී ලංකාවේ නිවාස ලක්ෂයක වහලවල් තුළ සුර්ය පැනල හරහා මෙගාවොට් 500ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවැසිය.
එසේම මේ වන විට මෙගාවොට් 2000ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අභිලාෂ කැඳවා ඇති බවත් එම ව්‍යාපෘති ලබන වසරේදී දෙසැම්බර් වන විට නිමාවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
චන්දීර Friday, 01 April 2022 10:31 AM
අවසානයට "ලු" ඒවා විශ්වාස නොකළ යුතුයි
Reply : 0 0
Prachanda Monday, 04 April 2022 06:12 AM
Dawalda Dann ne?
Reply : 0 0
Kumar Monday, 04 April 2022 04:36 PM
maywani dayak karanna wasara pahak pamana gathawenawa. lankawe janayata ethram kalak anduray inna puluwanda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

