ලොව විවිධ රටවල් පොළොව අභ්‍යන්තරයේ සිදුකරන න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ මහා පරිමාණ පිපිරවීම් පොළොව අභ්‍යන්තරයේ ඇති භූ තැටි වලට බලපෑම් එල්ල කළ හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති සහ භූගර්භ විද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .
මහාචාර්ය වරයා ඒ බව අවධාරණය කර සිටියේ මෑත කාලයේ ලොව විවිධ රටවල් වලින් භූ කම්පන වාර්තා වීමේ ප්‍රවණතාවය වැඩි වී ඇත්තේඋතුරු කොරියාව ඇතුළු ලොව විවිධ බලවත් රටවල් පොළව අභ්‍යන්තරයේ සහ මහ මුහුදේ සිදු කරන න්‍යෂ්ටික අත්හදා බැලීම් ඇතුළු විවිධ මහා පරිමාණ පිපිරවීම් භූ කම්පන ඇති වීමට හේතු වී ඇද්දැයි සිදු කළ විමසීමකදීය .
එහිදී මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එක් මාසයකදී ලෝකයේ භූකම්පන දස දහසක් පමණ වාර්තා වන බවත් ඒ ආකාරයට සිදුකරන විවිධ පිපිරවීම්ද කම්පන වශයෙන් සටහන් වන බවත්ය .
මහාචාර්යවරයා විසින් වසර තිහක පමණ කාලයක සිට සිදු කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ නොවැම්බර් මාසයත් අප්‍රේල් මාසයත් අතර කාලය ලොව භූ කම්පන වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වන බවයි .
මෙරට සිදුවෙන භූකම්පන තුන් ආකාරයකට සිදු වෙන බවයි මහාචාර්යවරයා පවසන්නේ. මධ්‍යම කඳුකරයේ පසුගිය කාලයේ භූකම්පන කිහිපයක් සිද්ධ වුබවත් එසේම බුත්තල ප්‍රදේශයේ සිදුවුන භූමිකම්පන වලට හේතු සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කොට නිගමනය කොට තිබෙන්නේ එය අක්‍රිය තල මායිමක් ඔස්සේ සිදුවන භූමිකම්පා ලෙස හඳුනාගෙන ඇති බවයි.
බේරුවලට නොදුරින් සිදුවන භූමිකම්පා පිළිබඳව කරුණු සොයා බැලීමේදීමේ භූමිකම්පන වලට එකම හේතුව ලංකාව ඉන්දියාවෙන් වෙන් වුණු අවධියේ එය සිදු වී තිබෙන්නේ විශාල පැලුම් තල රාශියක් හරහා බවත් මේ පැලුම් තල තවමත් සක්‍රීයව පවතින බවත්ය. තවමත් අපගේ රට ඉන්දියාවෙන් වෙන් වෙමින් තිබෙන බවද මහාචාර්යවරයා පවසයි.
එය වසරකට ඉතාමත් සුළු ප්‍රමාණයකින් සිදු වෙමින් පවතින බවද කියයි. ලෝකයේ කොහේ හෝ විශාල කම්පනයන් සිදුවන විට මෙවැනි තල වලට එම කම්පන බලපෑම් එල්ල කරන බවයි මහාචාර්යවරයා ගේ නිගමනය වී තිබෙන්නේ.
මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි කම්පන පිළිබඳව බිය විය යුතු නොමැති බවත් ඒවා සුළු කම්පන මට්ටමක පවතින බවත්ය.