වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ (Hashem Ashjazadeh) මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (08) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති හමුවේ දී තානාපතිවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරිණ.
අවසන් අදියරේ පවතින මෙගා වොට් 120ක ධාරිතාවයකින් යුත් උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනමින් නිමකිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට දක්වන සහාය පිළිබඳ සිය ස්තූතිය පළ කළේය.
