ලංකාවට ආපු ගල් අඟුරු තොගය නියමිත තත්ත්වයට අඩුයි
ලක්විජය බලාගාරය වෙත ගෙන්වන ලද ගල්අඟුරු නැව් තොගයක නිසි ගුණාත්මකභාවයක් නොමැති බවට තිබෙන ප්‍රචාරය පිළිබඳ පැහැදිලි කිරීමක් බලශක්ත අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළේය.
"මෙම ගල්අඟුරු වාරයේදී ලක්විජය බලාගාරයේ නව සැපයුම්කරු වන Trident Champion ගෙන්වන ලද පළමු ගල්අඟුරු නැව පිළිබඳ විස්තරය පහත පරිදි වේ.
මෙම ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ලංසු කැඳවීමේදී කොන්දේසි අංක 5.1 හා 5.1 හි වගන්ති අනුව ඉදිරිපත් කර ඇති නිර්නායක වනුයේ Calorific Value අගය 5900 සිට 6150 සහ තවත් නිර්ණායකයන් වේ. ගල්අඟුරු සැපයීමට සැපයුම්කරුවන් ඒ අනුව කටයුතු කළ යුතු බව පැහැදිලිවම සඳහන් කර ඇත.
මෙම සිදුවීමට අදාල මෙට්‍රික් ටොන් 60,000ක් පමණ ගල්අඟුරු නැව් තොගය දකුණු අප්‍රිකාවේ RCBT වරායෙන් පටවා ඇති අතර පැටවුම් වරායේ තත්ව සහතිකයේ පිරිවිතරයන් අපේක්ෂිත පිරිවිතරයන්ට අනුකූලව ඉදිරිපත්ව ඇති බැවින් ගොඩබෑම් කටයුතු සිදු කර ඇත. මෙහිදී තත්ව වාර්තා ගැලපේ නම් 80%ක ගෙවීම් සඳහා Letter of acceptance ලංකා ගල්අඟුරු සමාගම නිකුත් කරනු ලබයි. එහෙත් ලිපි ලේඛණවල තිබූ අඩුපාඩු කිහිපයක් නිසා මේ වන තෙක් එම 80% ගෙවීම් කටයුතු අවසන් කර නොමැත.
අදාළ නැව් තොග සඳහා අවසන් ගෙවීම් සිදු කරනු ලබන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් තෝරා ගන්නා ලද Cotecna Inspection India Pvt Ltd සමාගමේ ගොඩබෑම් වරායේ තත්ව සහතික වාර්තාව නිකුත් කිරීමෙන් පසුවයි.
ගොඩබෑම් අවසන් වී දින 10ක් තුළ මෙම වාර්තාව ලැබීමට නියමිත වේ. එනම් ජනවාරි 16ට පෙර එය ලංකාවට ලැබීමට නියමිතයි. ගිවිසුමට අනුව පැටවුම් වරායේ තත්ව සහතිකයට වඩා ගොඩබෑම් වරායේ තත්ව සහතිකයේ ගුණාත්මකභාවය අඩු වුව හොත් අප විසින් පෙර සඳහන් කළ පිරිවිතර පරාසය තුළ ඒ සඳහා දඩ මුදලක් අයකර ගැනීමෙන් පසුව ගල්අඟුරු තොග සඳහා ගෙවීම් කරනු ලබයි.
මෙහිදී පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි, විශේෂයෙන් ගල්අඟුරුවල තියෙන ප්‍රධානතම සාධකයක් තමයි පිරිවිතරයන්ගේ තියෙන ප්‍රධාන Item එකක් තමයි Calorific Value එක අඩු වැඩි වෙන විදිහට තමයි ඒකෙන් නිෂ්පාදනය වන Energy එක බලශක්තිය තීරණය වෙන්නෙ. එතකොට අඩු වෙනකොට අඩු වෙනවා. බලශක්ති නිෂ්පාදනය වැඩි වෙනකොට වැඩි වෙනවා. ඒ අනුව ගිවිසුමට අනුව පැටවුම් වරායේ තත්ව සහතිකයට වඩා ගොඩබෑම් වරායේ වෙනස් වෙනවා නම් ගිවිසුම අනුව කටයුතු කරනවා. මෙමගින් ලක්විජය විදුලි බලාගාරයේ අවශ්‍යතාවයට අදාල එක් එක් පිරිවිතර පරාසයන්ගේ ගිවිසුමේ 5.2 වගන්තිය තුළ දක්වා ඇති පිටත එනම් ප්‍රතික්ෂේපිත මට්ටමේ ගල්අඟුරු තොග සපයා තිබුණහොත් දඩ මුදල් දෙගුණයකින් අය කිරීමට ගිවිසුමේ 5.6 වගන්තිය අනුව කටයුතු කරනු ඇත.
කෙසේ වෙතත් තොග ගොඩබෑම අවසන් කිරීමටද ප්‍රථම ලක්විජය විදුලි බලාගාරයේ රසායනාගාරයේ කරන ලද නියැඳි පරීක්ෂණයකින් එහි Calorific Value අගයන් 5689-5739-5760 සහ 5430 ලෙස අර පරාසයට අඩුවෙන් තමයි පෙන්නලා තියෙන්නෙ. නිරීක්ෂණය කරලා තියෙනවා. නමුත් මෙහි ප්‍රතිඵලය අපහට අදාළ කොන්ත්‍රාත්තුව සඳහා ගැලපීමට නොහැක. මොකද Accredited Lab එකකින් තමයි මෙම සහතිකය නිකුත් කරන්න ඕනෙ. අපේ ගල්අඟුරු බලාගාරය සතු රසායනාගාරයේ Accretion ලබාගෙන නැහැ මෙම අයිතමය පරීක්ෂා කිරීම සඳහා. ඒ අනුව ගිවිසුමට අනුව නම් කර ඇති Accredited Laborite මගින් ලැබෙන තත්ව වාර්තාව අනුව ගිවිසුමට අනුව කටයුතු කරන බවත් දැනුම් දීමට කැමැත්තෙමි.
මෙහිදී ඇත්තටම පෙබරවාරි මාසය අග වෙනකල් දැනටත් පසුගිය වසර සඳහා ඇනවුම් කරපු ගල්අඟුරු තියෙනවා. එහෙම තියෙද්දි මොකක් හරි අවශ්‍යතාවයකට දැං අලුතෙන් ආපු එක නැව බාලා ඉවර වෙන්නත් ඉස්සෙල්ලා මේක පරීක්ෂා කරන්න ගිහිල්ලා මොකද Accretion එකකුත් නෑ. ඒ වගේම බලශක්ති නිෂ්පාදනයටත් යොදාගෙන තියෙනවා. ඒ ගැන අපි වෙනම පරීක්ෂණයක් යොදනවා. මොකද ඒවා හරියට ක්‍රමවේද තියෙනවා ඕවා අවශ්‍ය විදිහට තමයි පාවිච්චි කරන්න ඕනේ. එහෙම පරණ තොග තියෙද්දි අලුත් තොගය පාවිච්චි කරලා ඒක ප්‍රසිද්ධ කරලා තියෙනවා. අනුමැතියක් නැතුව මෙම තත්ව පරීක්ෂණ වාර්තා මොකද පිලිගන්නෙත් නෑ. සැපයුම්කරුවත් කවුරුවත්. ඉතිං අපි සැපයුම්කරු එක්ක තියෙන ගිවිසුම අනුවත් අපට නියමිත ගල්අඟුරු තත්ව පරීක්ෂණ වාර්තා ලැබුණට පස්සෙ ඒක ගිවිසුමට අනුව කටයුතු කරනවා කියලා මේ සභාවට දැනුම් දෙන්න කැමතියි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
