ලංකාවට දිළිඳුකම තුරන් කරන නායකයෙක් අවශ්‍යයි - බදියුදීන්
මම ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව අවුරුදු 30ක් පුරා පැවති යුද්ධයේ, නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දුන් බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසූයේ වව්නියාවේ දී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීමේ ජන රැළියට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“මෙම මැතිවරණය උතුරු නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, ඉස්ලාම් ජනතාව ඉතාමත්ම හොඳින් සිතා බැලියයුතු මැතිවරණයක්. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශ වලට ගොස් බොරු ප්‍රචාර ගෙන යනවා. අහිංසක සිංහල සමාජය අතරේ ජාති බේදයක් ඇති කර රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා. මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව මෙම මැතිවරණයේදී ඉතා සුපරක්ෂාකාරීව ප්‍රවේසමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.
සුලු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන විට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැලැක්විය නොහැකියි. එම නිසා මෙම මැතිවරණයේදී අපි වෙනත් මැතිවරණ වාගේ බෙදිලා ඡන්දය ප්‍රකාශය කිරිමට බැහැ. අද මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගිනිමින් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේ අපි විකල්ප කණ්ඩායමකට ඡන්දය දියයුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේදී සුළු ජාතීන්ට ඡන්දය දියයුතු බව කියා සිටිනවා. කොටස් කිහිපයකට බෙදී අපගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මහතාට හැර වෙනත් කෙනෙකුට ලබා දෙන්නේ නම් අනාගතයේදී රට භාර ගැනීමට සිටින පරම්පරාව විනාශයට පත් වීම කිසිවෙකුට වලක්වන්න බැරි බව අපි දැනගත යුතුයි.
ඇතැම් කණ්ඩායම් විසින් මුස්ලිම් නායකයින් පිළිබඳව බොරු ප්‍රචාරය කර මුස්ලිම් ජාතීන්ගේ ඡන්දය කඩා දැමීමට කොළඹ සිට නියෝජිතයන් කණ්ඩායම්ගමින් ගමට යවමින් සිටිනවා. මේ අවස්ථාවේදී අපි ප්‍රවේශමෙන් කටයුතු සිදු කළ යුතුයි. අපි ඉතා සන්සුන්ව සිතිය යුතුයි. අපි යුද්ධයෙන් පීඩාවට පත්වූවන්. අපගේ පවුලේ දරුවන්, ඥාතීන් අහිමිවූවන් ලෙස අනාතවී ඉන්දියාවටද ගියා, අපි සරණාගතයින් වශයෙන් හැම පැත්තෙන්ම දුක්විඳිමින් සිටියා. අපිට ඒක අමතක කරන්න බැහැ. බොහෝ කාලයක් තිස්සේ අතුරුදහන්වුවන් සොයාදෙන ලෙස ඉල්ලා අපගේ මවුවරුන් වවුනියාව, මන්නාරම, මුලතිවු, කිළිනොච්චි , යාපනය යන ප්‍රදේශවල ගොස් ඇති බව ඔබ සියලුදෙනා හොඳින් දන්නා කරුණක්. තවමත් අතුරුදන්වූවන් සොයමින් සිටින කණ්ඩායමක් හඩා වැලපෙමින් සිටිනවා. සිර ගෙවල්වල අපගේ තරුණයින්, සහෝදරයින් තවමත් සිටිනවා. රටේ ජනතාවගේදිළිඳුකමට විසඳුමක් ලබාදියයුතුව තිබෙනවා. මෙවැනි වාතාවරණයක ජීවත්වීමට අපට හොඳ නායකත්වයක් අවශ්‍යයි.
මම ඇතුලු මගේ ජනතාව අවුරුදු 30ක යුද්ධයේ, නොයෙකුත් කම්කටොලුවලට මුහුණ දුන්නා. දකුණේ විවිධ කණ්ඩායම් බෞද්ධ ආගමික නායකයින් නමින් අද නීතිය අතටගෙන මුස්ලිම් පල්ලි , කෝවිල්, ක්‍රිස්තියානි පල්ලි, කඩ සාප්පු විනාශයට පත් කරමින් සිටිනවා. මේ තත්වය උදාකළේ කවුද කියා ඔබ සියලුදෙනා හොඳින් දන්නවා.
එක්වන්න, එකමුතු වන්න, බෙදී නොයන්න. ද්‍රවිඩ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, වෙන්න පුළුවන් මනෝගනේෂන් , රාධා ක්‍රිෂ්ණන් නැත්නම් දිගම්බන්ගේ පක්ෂය වෙන්න පුළුවන්. අපි සියලුදෙනා පක්ෂ බේදයෙන් තොරව එකමුතු විය යුතුයි. මෙය අපේ රට. අපව කිසිවෙකුට යටත් නොවි සියලුදෙනාම එකාවන්ව ජීවත්වීමේ වාතාවරණයක් ඇති කිරීමට සුදුසු එකම එක නායකයා සජිත් ප්‍රේමදාස බව” ඔහු පැවසීය.

popular news
-
kapila Friday, 01 November 2019 09:38 PM
දිළිඳු කම තුරන් කලයුත්තේ සහනාධාර දීමෙන් නොවේ. හොරකම නැවත්වීමේනුයි.
Reply : 0 0
Champa Saturday, 02 November 2019 07:09 AM
මෙන්න කතාව. මුස්ලිම් සහ දෙමල දේශපාලකයන් හැමදාම හිතන්නේ ඔවුන්ගේ ජාතිය ගැන විතරයි. මේ කතාව සිංහල ජාතියට අදාළ කරලා සිංහලයන්ගේ අයිතීන් වෙනුවෙන්, උතරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්, සිංහලයන්ට ලංකාවේ සමහර පළාත් වල ජීවත් වෙන්න අහිමි කර ඇති අයිතිය නැවත ලබා ගැනීම වෙනුවෙන් සහ වසර දෙදහස් හයසීයක අතීතයක් හිමි සිංහල සභ්‍යත්වය, උරුමය සහ වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කතා කරන්න කොන්ද පණ තියෙන එක සිංහල ජනාධිපති අපේක්ෂකයෙක්වත් නැහැ. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දිහා බැලුවොත් පේනවා ඒ හැම එකම ලියල තියෙන්නේ දෙමල සහ මුස්ලිම් චන්ද වෙනුවෙන් මිසක් සිංහලයන් වෙනුවෙන් නෙමෙයි කියල. ලංකාව විනශ කරලා, අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම නිසා සිරගත වුනු කුරිරු දෙමළ මුස්ලිම් ත්රස්තවාදීන් බතියුදීන්ට සහෝදරයන්. අතුරුදහන් වුනා කියන පුද්ගලයන් ජීවත් වෙනවා විදේශ රටවල. හරිම ලෙහෙසියි හොයා ගන්න. නමුත් ඔවුන් ජාත්‍යන්තර අනුකම්පාව දිනා ගන්න ඇත්ත නොකිය බොරු කියනව. මුස්ලිම් සහ දෙමල ජාතිකයන්ගේ කේවල් දේශපාලනයෙන් මිදිලා සිංහලයන් එකමුතු කරලා ස්වාධීනව වැඩ කරන්න ශක්තිය තියෙන මිනිහෙක් චන්දෙට දාන්න මහින්දට බැරි වුන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

