ශ්‍රී ලංකාව හා රුසියාව අතර වෙළෙඳ සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, රුසියානු වෙළෙඳ හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඇලෙක්සි වී.ග්රස්දෙව් මහතා ඇතුළු දූත පිරිසක් සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් අද වෙළෙඳ අමාත්‍යංශයේදී දී පැවැත්විණි.
මෙම හමුවේ දී වෙළෙඳ අමාත්‍යවරයා විසින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා රුසියාව තුළ වෙළෙඳ අවකාශ පුළුල් කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වන ලදී. එමෙන්ම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මෙරට උසස්පෙළ සිසු දරුවන් සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දෙන ලද බවත්, එම තාක්ෂණවේදය හැදෑරූ දරුවන් සඳහා නූතන තාක්ෂණය පිළිබඳ හැදෑරීමට රුසියාවේ සහය බලාපොරොත්තු වන බවත් මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම වෙළෙඳ අමාත්‍යාංශය හරහා මෙරට හරිත විශ්ව විද්‍යාලයක් ඇති කිරීමට කටයුතු කරනු ලබන බවත් ඊට රුසියානු සහාය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන නිෂ්පාදන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලදී.
ඒ අනුව, භාණ්ඩ විවිධාංගීකරණය තුළින් රුසියානු වෙළෙඳපොල තුළට තවදුරටත් පිවිසීමට අවකාශ සලසා ගැනීමට අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කරවන ලදී.
මෙහිදී අදහස් දැක්වූ රුසියානු වෙළෙඳ හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව යනු රුසියානු සංචාරකයන්ගේ සංචාරක නවාතැනක් බව සඳහන් කරමින් සිය රට හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ සම්බන්ධතා තවදුරටත් ව්‍යාප්ත කරගැනීම සඳහා අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම රුසියාව විසින් මෙම වසරේදී පැවැත්වීමට නියමිත විශාලතම වෙළෙඳ ප්‍රදර්ශනය වන INNOPROM වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා බන්දුල ගුණවර්ධන මහතාට ආරාධනයක් ද සිදු කරන ලදී. මෙම ප්‍රදර්ශනය තුළින් නූතන තාක්ෂණය, සුහුරු තාක්ෂණය, වෙළෙඳ කටයුතු සඳහා තාක්ෂණය යනාදී අංශ ආවරණය වන බව ද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම මොස්කව් නූතන තාක්ෂණ විද්‍යාලය සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකාවේ සිසුන්ට නූතන තාක්ෂණය පිළිබඳ හැදෑරීමේ අවස්ථාව සලසා දීමට හැකි බවත්, මෙම නූතන තාක්ෂණ විද්‍යාලයේ ක්‍රියාවලිය හා සුහුරු පාසල් සංස්කෘතිය පිළිබඳව අවශ්‍ය මඟපෙන්වීම ලබා දීමටත් හැකියාව පවතින බව ද ඒ මහතා සඳහන් කරන ලදී.
