ලංකාව දැන් සහලින් ස්වයංපෝෂිතයි
කෘෂිකර්ම අමාත්ය ලාල් කාන්ත මහතා හැටන් කොටගල ප්රදේශයේ කිරිගොවීන් වෙත ගොස් ඔවුන්ට පවතින අඩුපාඩුකම් පිලිබද සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට ඒක් වුණා.
කොටගල රොසිටා වතුයායේ දේශීය කිරි කර්මාත්තයට ඉහළ දායකත්වයක් සපයන දේශීය කිරි ගොවීන්ගේ ගොවිපල වෙත ගොස් ඔවුන් සමග සාකච්ඡා කර ඔවුන්ට පවතින අඩුපාඩුකම් පිලිබද කඩිනම් විසදුම් ලබා දෙන බවද අමාත්යවරයා පැවසීය.
කොටගල හැරින්ටන් වතුයායේ පවත්වාගෙන යන පෞද්ගලික සත්ත්ව ගොවිපලක් වෙත පැමිණි අමාත්යවරයා ඒම සත්ව ගොවිපල සාර්ථකව පවත්වාගෙන යෑම පිලිබදවද සොයා බැලීමක් සිදු කරනු ලැබූවා.
මධ්යම පළාත් සත්ව නිෂ්පාදන, සෞඛ්ය අමාත්යාංශ්ය සහ මධ්යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්මෙවම වැඩසටහන සංවිධානය කර තිබුණි.
නුවරඑළිය දිස්ත්රික්කයේ සාර්ථකව කිරිගෛාවිපලවල් පවත්වාගෙන යන කිරි ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු සාර්ථකව පවත්වාගැනීම සදහා නුවරඑළිය දිස්ත්රික්කයේ තෝරා ගත් ගොවීන් කිහිප දෙනෙකුට චෙක් පත් පිරිනැමීමද අමාත්යවරයා විසින් සිදු කෙරිණ.
මෙම රැස්විමේදි අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා කියා සිටියේ, නුවරඑළීය දිස්ත්රික්කයේ කිරි කර්මාන්තය ඉහළ නැංවීම සදහා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කොටගල රොසිටා ගොවිපලේ වගා නොකර ඇති ඉඩම් කිරි ගොවීන්ට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බවයි.
ඉකුත් රජය සමයේ ජාතික පශු සම්පත් මණ්ඩලය ඉන්දියාවට විකුණා තිබියදී වත්මන් රජය ඉන්දීය රජය සමග සාකච්ඡා කර දෙපාර්ෂවය අතර ඇති කර තිබූ ගිවිසුම් අවලංගු කර ගැනීමට හැකි වූ බවයි.
මේ වන විට ජාතික පශු සම්පත් මණ්ඩලය ලාභ ලබන තත්වයට ගෙන ඒමට වත්මන් රජයට හැකි වූ බවද ලාල් කාන්ත ඇමතිවරයා පැවසීය.
මේ රට සහල්වලින් සවයංපෝෂිත වී ඇති බවත්, සහල් මිල වෙළදපොලේ අඩුවෙන් පවතින බවත්, ඇතැම් සහල් වර්ග මෙරට නිෂ්පාදනය නොකරන ඇතැම් සහල් වර්ග පමණක් විදේශ රටවලින් ආනයනය කරන බවයි ලාල් කාන්ත අමාත්යවරයා වැඩි දුරටත් කියා සිටියේ.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනි ක්රිෂ්ණන් කලෙයිසෙල්වි, ඒම දෙපාර්තමේන්තුවේ නිළධාරින්, පශු වෛද්යවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

