ලංකාව ඉන්නේ බංග්ලදේශයට උඩින්
මේ මොහොතේ කළ යුත්තේ 'බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ' කියමින් තම මව්බිමට අවඥාවෙන් හිනැහීම හෝ අවමන් කිරීම නොවෙන බවත් අප සතු වූ වටිනාම සම්පත යොදා ගනිමින් මව්බිම ඉහළටම ඔසවා තැබීම බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ රත්මලාන ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
" අප රට සතු වටිනාම සම්පත, මානව සම්පතයි. මේ දිනවල සමහරු අපේ රටට හිනැහෙනවා, අවමන් කරනවා, 'බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ' කියමින්. ඔවුන් බංග්ලාදේශයටත් වඩා පහළ තැනකට අපේ රට දමලයි එවැනි ප්‍රකාශ සිදු කරන්නේ. බංග්ලාදේශය විශාල විදේශ විනිමය සංචිතයකට හිමිකම් කීවාට ඒ සමාජය ඉතා දුක්ඛිත තත්ත්වයේ ජීවිත ගෙවන සමාජයක්.
එහි අගනුවර වෙසෙන ජනයාට අවුරුද්දකට වතාවක් පැමිණෙන ගංවතුර නිසා කඳු මුදුනක තනාගත් තාවකාලික නිවාසවල ජීවත් වීමට සිදු වෙනවා. එම රටේ උපදින දරුවන් හැමෝටම උප්පැන්න නැහැ. අපේ රටට පැමිණ තිබූ ඇතැම් ඇඟලුම් සමාගම් බංග්ලාදේශයට ගියාට, ළමා ශ්‍රමය සූරාගෙන කන්න බැහැ, කියා ලෝකෙ යම් යම් නීතීන් තිබුණාට බංග්ලාදේශයේ වැඩට එන කෙනා ළමයෙකු ද නැද්ද, කියා සොයා ගන්න බැහැ, ඔවුන්ට උප්පැන්න සහතිකයක් නැති නිසා.
ලෝකයේ බොහෝ රටවල සමාජයන් භාර නොගන්නා රැකියා භාරගන්නා සමාජයක් එහි තිබෙන්නේ. ඒ නිසා ලාංකේය සමාජය, බංග්ලාදේශ සමාජය සමඟ ගත්තාම ඉන්නේ බොහෝ ඉදිරියෙන්."
popular news
-
Demuni Uduwara Sunday, 30 January 2022 09:11 PM
We are front in the world map !
Reply : 0 0
Demuni Uduwara Monday, 31 January 2022 12:00 AM
A frog in an island!
Reply : 0 0
RA ASELA Monday, 31 January 2022 04:59 AM
lankaawa kochchara diyunuda. Ekkenata Uppanna sahathika dekak nikuth karalath thiyenawa neda amathi thuma
Reply : 0 0
Hema Monday, 31 January 2022 10:22 AM
No doubt Sri Lanka is much better than Bangladesh, but Weerawansa's type of politicians, make this country poor amongst the poor.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

