ලංකා සතොස හරහා බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) වනදා වෙළෙඳසැල් වල භාණ්ඩ මිල දර්ශක හා පුවරු ප්‍රදර්ෂනය නිසි ලෙස සිදුවනවාද, පාරිභෝගිකයන්හට නිසි ප්‍රමිතියකින් යුතු භාණ්ඩ හා සේවා ලැබෙනවාද යන්න සොයා බැලීම සම්බන්ධයෙන් වැලිසර හා නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.
කුකුළු කෑම ලෙස භාවිත කරන බඩ ඉරිඟු වල මිල සැළකිය යුතු අන්දමින් පහළ ගොස් තිබියදීත්, ඊටත් වඩා අඩු මුදලට සත්ත්ව ආහාර සඳහා සහල් භාවිත කරමින් පවතින බැවින් පවතින මිලට වඩා පාරිභෝගිකයාට සහන මිලකට බිත්තර සැපයීමට දේශීය බිත්තර නිෂ්පාදකයින්ට හැකියාවක් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලිට්රෝ හා ලාෆ් ගෑස් මිල ගණන් අතර පවතින මිල වෙනස නැති කිරීම සඳහා, මුදල් අමාත්‍යාංශයෙන් සකස් කර ඇති මිල සූත්‍රයට ලාෆ් සමාගමද ඇතුළත් කළ යුතු බව සඳහන් කළ බවද, නුදුරේදීම ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.