පුත්තලම මූලික රෝහලේ ආපන ශාලාවේ පවතින ගැටළු රැසකට පිළිතුරු ඉල්ලා රෝහල් කාර්ය මංඩලය අද (10දා) විරෝධතාවයක නිරත වුහ.
මෙම විරෝධතාවයට රෝහල් කණීෂ්ඨ කාර්ය මංඩලය,හෙද හෙදියන් හා පරිපාලන අංශ නිළධාරින් ඇතුළු 200 කට ආසන්න පිරිසක් එක්ව විටියහ.
මෙම විරෝධතාවට එක්වු රෝහල් සේවකයින් පවසා සිටියෙ පුත්තලම රෝහල් ආපන ශාලාවේ අලවි කිරීම සිදුවන පිසු ආහාර වර්ග සියල්ලම අධික මිලක් නියම කර තිබිම හේතුවෙන් තම කාර්ය මංඩලය හා රෝගීන් හා රෝගීන් බැලිමට පැමිණේන පිරිස් අපහසුතාවයට පත්ව ඇති බවය.
ඒ සමගම ආපන ශාලාව පවත්වාගෙන යන හිමිකරුවන් මානුෂීක ගති පැවතුම් නොමැති බවත් ආහාර වල අධික මිළ පිළිබදව විමසන සෑම අවස්ථාවකදීම පහර දීමට හා තර්ජනය කිරීමට සැරසෙන බවයි.
ඒ සමගම රෝහල් කාර්ය මංඩලය වෙනුවෙන් සහනදායි මිළක් කිසිම විටක ක්රියාත්මකව නොමැති බවත් මේ සියල්ල හමුවේ තමන් දැඩි අපහසුතාවන්ට ලක්වි ඇති බව විරෝධතාවයට එක්වු පිරිස් පවසති.
සේවකයින් නගන චෝදනා සම්බන්ධව පුත්තලම මූළික රෝහල් අධ්යක්ෂ සුමිත් අත්නායක මහතාගෙන් විමසිමේදි ඔහු පවසා සිටියේ ආපන ශාලාව පිළිබදව දිගින් දිගටම සේවකයින්ගෙන් පැමිනිලි ලැබෙන බවයි.
ඒ නිසා ආපන ශාලා හිමිකරුවන් හා සේවකයින් අතර ඉදිරියෙදී ගැටුමක් පවා ඇති විමට ඉඩ කඩ ඇති බවත් ඒ නිසා තමන් ගත යුතු ක්රීයා මාර්ග ගැනිමට කටයුතු කරන බවද පැවසිය.
සේවකයින් නගන චෝදනා සම්බන්ධන විමසිමට ආපන ශාලාවට ගියද එහි රැදි සිටි අයකු පවසා සිටියෙ ආපන ශාලාව පවත්වාගෙන යනු ලබන අය පැමිණි නොමැති විම නිසා ඔවුන්ට ප්රකාශයක් ලබා දීමට නොහැකි බවයි.
කෙසේ නමුත් මේ පිළිබදව කල සොයා බැලිමේදි තහවුරු වුයෙ මෙම ආපන ශාලාව ඉතා ඉහල මිලකට ටෙන්ඩර් මගින් ලබා ගැනිමට මේ වන විට එය පවත්වාගෙන යනු ලබන තැනැත්තා කටයුතු කර ඇති බවත් එවැනි විශාල මුදලක් පුත්තලම වැනි ස්ථානයට ටෙන්ඩර් ලබා දීම වයඹ පළාත් සභාව කිසිවකු නොසොයා කටයුතු කිරීම ගැටළුකාරි තත්වයක් බවය.
