රෝහල් රැසකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය.
රෝහල් සදහා ඇනවුම් කල ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ඖෂධ සැපයීම් අංශය මගින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්වය මතු වී ඇති අතර, පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ සදහා පිළියමක් යෙදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇත.
රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය හේතුවෙන් රෝහල්වලට එන රෝගීන්ට කොවිඩ් ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි ද ඔහු කීය.අත්‍යවශ්‍ය සහ සාමාන්‍ය ශල්‍යකර්ම සිදුකිරීමට පෙර රැපිඩ් පරීක්ෂණ කරන අතර ඒවා හිඟවීම නිසා ශල්‍යකර්ම පවා කල්දැමීමට සිදුව තිබෙන බව ද රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, අම්පාර, කරාපිටිය, පේරාදෙනිය, ත්‍රිකුණාමලය, මඩකළපුව, ඇතුඵව රෝහල් ගණනාවවකම ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල හිඟයක් පවතින බවද කුමුදේශ් මහතා සඳහන් කළේය