විදේශගත පරිත්‍යාගශීලීන් විසින් මෙරට රජයේ රෝහල් සඳහා පරිත්‍යාග වශයෙන් මෙරටට එවන ගිලන් රථ, වෛද්‍ය උපකරන කට්ටල, රෝහල් ඇඳන් ආදිය සඳහා වසර දහයක් පමන ලබාදී තිබු තීරු බදු සහන මුදල් ලබාදීම අමාත්‍යංශය විසින් පසුගිය ජූනි මාසයේ සිට අත්හිටුවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් ඊයේ ( 17 ) කරන ලද විමසිමකදී ඒ මහතා පැවසීය.
එම නිසා එම තීරු බදු සඳහා මුදල් ගෙවීමට සිදුවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයට බවත් ජාසිංහ මහතා පැවසීය. මේ හේතුව නිසා වසරකට මිලියන ගණනින් මුදල් ශ්‍රී ලංකා රේගුවට ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යංශයට සිදුවී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.
එම නිසා විදේශවල සිටින ශ්‍රී ලංකා හා වෙනත් රටවල පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන පරිත්‍යාග සඳහා වෙනත් ක්‍රමවත් වැඩපිළිවෙලක් අගෝස්තු මස දෙවන සතියේ සිට ක්‍රියාත්මක කිරිමට අදහස් කරන බවත් , සෞඛ්යච අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය සහ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ වන ආකාරයට ඒ සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවත් අනිල් ජයසිංහ මහතා සඳහන් කළේය .
සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ සඳහා තීරු බදු සහන නතර කිරීම හේතුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනිමේදී ප්‍රමාද ගාස්තු වශයෙන් පසුගිය 2024 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට දෙසැම්බර් 31 වන දිනවන විට රුපියල් මිලියන 200 ක් පමන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රේගුව සඳහා ගෙවා ඇතැයිද ඒ මහතා කීය.
චන්දන සමරවික්‍රම