මෙරට රෝහල් 55 ක් සදහා නව සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අද (14දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදෙනු ලැබීය.
අදාල පත්වීම් ලිපි අද පෙරවරුවේ ප්රදානය කළ අතර, සීමිත පදනම මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් ඕවසියර් III ශ්‍රේණියට උසස් කිරීමේ පත්වීම් ලෙස මෙම ලිපි ප්රදානය කෙරිණි.
2021.10.24 දින පැවැති සීමිත තරග විභාගයෙන් ලබාගත් ප්‍රතිඵල හා 2022.02.22, 23 පැවැති යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින දිවයින පුරා රෝහල් තුළින් තෝරාගත් 108 දෙනෙකු සදහා මෙහිදී පත්වීම් ලිපි ප්රදානය කෙරිණි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ දැනට සුළු සේවා පාලක තනතුරේ 240 ක් සේවය කරනු ලබන අතර එහෙත් සිටිය යුතු ප්‍රමාණය 348 කි. ඒ අනුව පුරප්පාඩුව ලෙස පැවැති ප්‍රමාණය වන 108 බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ අනුව කටයුතු කර ඇත.
කණිෂ්ඨ කාර්ය මණ්ඩල පැමිණීමේ ලේඛණය පවත්වාගෙනයාම, අධීක්ෂණය, සේවක නිවාඩු හා අදාල කටයුතු, සේවා මුර පිළියෙල කිරිම, රාජකාරී අධීක්ෂණය, අදාල අංශ වෙත සුළු සේවකයින් ගැටළුවකින් තොරව යොමු කිරිම ඇතුලු සේවා වගකිම් රැසක් ඔවසියර් තනතුර විසින් සිදු කරනු ලබයි.
මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ව්‍යසනය මෙරටට පැමිණෙන විට නිසි අවබෝධයක්, අත්දැකීමක් නොතිබුණ බවත් එහෙත් වසංගතයට එරෙහිව සෞඛ්‍ය සේවකයින් කළ කැපවීම ඉතිහාසගත වන බවත්ය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ පමණක් නොව රටෙහි කිසිම ක්ෂේත්රයක එදා මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබුණ බවත් , එය භයානක වසංගතයක් ලෙස නොසලකා බිය, අවිනිශ්චිතතාව සියල්ල පසෙක තබා සෞඛ්‍ය ක්ෂේත්රයේ සියළු කාර්ය මණ්ඩල සිදු කළ කැපවීම අතිමහත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම්ඩි.එල්.යූ පීරිස්, අධ්යක්ෂ මුදිත විමලසේන යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


