අනුරාධපුර එප්පාවල නගරයේ පිහිටි දිවයිනේ සුප්‍රසිද්ධ දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන දිව්‍ය ශක්ති වෙද මැදුර ප්‍රථම වරට සංවිධානය කළ ඖෂධ දන්සලක් පොසොන් පෝ දින (03) එම ආයතනයේදී සිදු කෙරිණි.
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා දන්සැල් රැසක් පැවැත්වෙන මොහොතක අනුරාධපුර වන්දනාවේ නොපැමිණියද, දිවයින පුරා සිටින ඇදුම, හතිය, සෙම, පීනස, සයොනසයිටීස්, මිග්රේන් ඇතුළු හිසේ කැක්කුම් සහිත ඉන්හේලර් භාවිතා කරන රෝගීන් 100 දෙනෙකු වෙනුවෙන් ඖෂධ නොමිලේ ලබා දීම මෙම දන්සැල මගින් සිදු කෙරිණි.
දිවයින පුරා සිටින ඇදුම, හතිය, සෙම, පීනස, සයොනසයිටීස්, මිග්රේන් ඇතුළු හිසේ කැක්කුම් සහිත ඉන්හේලර් භාවිතා කරන රෝගීන් 100 දෙනෙකු වෙනුවෙන් අදාළ ඖෂධ භාණ්ඩ ප්‍රවාහන සේවාවන් හරහා ඔවුන්ගේ නිවෙස් වෙතම ප්‍රවාහනය කර දීම පොසොන් පෝ දින (03) මෙලෙස සිදු කෙරිණි.
දිව්‍ය ශක්ති ආයතනය මගින් නිෂ්පාදනය කරනු ලබන රුපියල් 5700 ක් පමණ වටිනා ඖෂධ කට්ටලයක් මෙන්ම ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ උපදෙස් මෙම රෝගීන් 100 දෙනා වෙත කිසිදු මුදලක් අය නොකර නොමිලේම ලබා දීම මෙහි විශේෂත්වයයි.
එම ආයතනයේ නිළ ෆේස් බුක් පිටුව හරහා මෙම දන්සැල පිළිබඳව පෙර කළ දැනුම්වත් කිරීමකට අනුව ඒ සඳහා ඉල්ලීම් කල රෝගීන් දහස් ගණනක් අතුරින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ප්‍රථිකාර සිදු කල හැකි රෝගීන් 100 දෙනෙකු වෙනුවෙන් මෙම සත්කාරය සිදු කිරීමට දිව්‍ය ශක්ති වෙද මැදුරේ හිමිකරු, පාරම්පරික දේශීය වෛද්‍ය මහේෂ් ජයවර්ධන මහතා ඇතුළු කාර්යමණ්ඩලය කටයුතු කරනු ලැබීය.
මෙහිදී මාර්ග ගත ක්රමයන්ට අනුව රෝගීන් තෝරා ගෙන ඔවුන් රෝගී තත්වයන් විමසා, ඔවුන් භාවිතා කරන ඉන්හේලර් ආදිය පරික්ෂා කර බලා, ඔවුන්ගේ රෝගයන් සුවපත් කිරීමට අවශ්‍යය ඉපැරණි වට්ටෝරුවකට අනුව සකස් කළ දිව්‍ය ශක්ති කප්පිත් ශෝදකය හා දිව්‍ය ශක්ති කේෂ තෛල්යය යන ඖෂධයන් ඔවුන් වෙත භාණ්ඩ ප්‍රවාහන සේවා හරහා නොමිලේ බෙදා හැර ඔවුන් වෙත ලබා දීම සිදු කර, ඔවුන්ට ඒවා භාවිතා කිරීමට අවශ්‍යය වෛද්‍ය උපදෙස් ලබා දී අදාළ රෝගීන් සුවපත් කිරීම මෙම දන්සල මගින් අද (03) දවස පුරා සිදු කෙරේ.
