මේ වන විට රට පුරා රෝග ලක්ෂණ රහිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසා සිටියි.
ඉක්මනින් රෝගීන් වැඩිවීමට අදාළ මුලාශ්‍ර හඳුනාගැනීම අවශ්‍ය බවත් ඒ හේතුවෙන් තවදුරටත් රට පුරා අහඹු PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
එන්නතේ ප්‍රතිශතය ඉහළයෑම හේතුවෙන් මෙලෙස ලක්ෂණ පෙන්වීමක් සිදු නොකරන බවයි උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියි.