දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරි රේණුක පෙරේරා මහතා ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.