ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරි රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අමාත්‍ය මණ්ඩල නිර්දේශවලට පටහැනිව දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සහ වාර්ෂික ගාස්තු එකවර අයකර ගැනීමකින් තොරව නිකුත් කිරීම හිටපු සභාපතිවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වේ. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.