ශ්රි ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබු වාහන 437ක් වසර අටකට වඩා වැඩිකාලයක් තිස්සේ අංගනවල ගාල්කර තැබිම හේතුවෙන් එම වාහන දිරාපත්වි ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බැව් අනාවරණය වි ඇත.
මින් වාහන 329ක් රේගුව විසින් මට්ටක්කුලිය ප්ර දේශයේ පුද්ගලික සමාගමකින් ලබාගෙන තිබු ඉඩමක ගාල්කර තිබු අතර අනික් වාහන 108 රුහුණුපුර වරාය භුමියේ රදවා තබාගෙන තිබුණි. මින් වාහන විශාල ප්රමාණයක් දිරාපත්වි ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්විම නිසා වාහන වෙන්දෙසිකොට සාධාරණ මුදලක් ඉපයිමට නොහැකි තත්ත්වයකට පත්ව තිබුණි.
රේගු ආඥා පනතේ 109 වගන්තිය ප්රකාරව කටයුතු නොකිරිම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවි තිබෙන බව විගණනය මගින් ද පෙන්වා දි ඇත. රේගුව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.