කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කළ ගුවන් මගියෙකු එළඹෙන 05/09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරතිබේ.
මාතර , තුඩාව ප්රදේශයේ පදිංච් 44 හැවිරිදි මෙම ගුවන් මගියා , ඉතාලියේ රැකියාවක නිරත වී සිට ඩුබායි හරහා , 05/04 දින උදෑසන 07.48 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ගෙන ආ ගමන් මලු තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ ගෙන ආ හැකි ප්රමාණය ඉක්මවූ විස්කි බෝතල් තොගයක් ද සගවා ගෙන තිබී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන සිය රාජකාරී ආරම්භ කළ අවස්ථාවේදී , ඒවා පොළොවේ ගසමින් , රේගු නිලධාරීන්ට බාධා කර තිබේ .
මේ පිළිබද රේගු නිලධාරීන් විසින් , කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් පසු , මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන තිබේ .
දණ්ඩ නීති සංග්රහයේ 344 වගන්තිය යටතේ , රාජකාරිය ඉටු කිරිමට නොදී අඩන්තේට්ටම් කිරිම යන චෝදනා මත මොහු මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත 05/04 දින සවස ඉදිරිපත් කිරිමට පියවර ගෙන තිබූ අතර එහිදී මෙම ගුවන් මගියා එළඹෙන 05/09 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ජීවරත්න මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක චන්දන සහ පොලිස් කොස්තාපල් 102313 වික්රමසිංහ යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .