රෙජිනෝල්ඩ් කුරේ අවසන් ගමන් යයි
රෙජිනෝල්ඩ් කුරේ හිටපු අමාත්‍යවරයා ගේ අවසන් කටයුතු ඊයේ (16) පස්වරුවේ බෝම්ඹුවල පොදුසුසාන භූමීයේදී සිදුකරන ලදී .
බෝම්ඹුවල පාලයන්ගොඩ නිවසේ සිට දේහය අවමංල්‍ය පෙරහැරකින් බෝම්ඹුවල ක්‍රීඩා පිටියට රැගෙනවිත් බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු බෝම්ඹුවල පොදුසුසාන භූමියේ දී භූමදානය කරන ලදී .
ඊයේ පස්වරුවේ ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නිවසට පැමිණ සිටී අතර , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාම දයාසිරි ජයසේකර , රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත , පාම වරුන්වන සංජිව එදිරිමාන්න සහ අනුප පැස්කුවල් ඇතුළු දේශපාලන නියෝජිතයන් , සම්භාවනීය අමුත්තන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.










පානදුර සුමිත් පොතුපිටිය ,අලුත්ගම තුසිත කුමාර ද සිල්වා සහ වාද්දුව දයා හේමන්ත
popular news
-
ලංකාපුත්‍ර Tuesday, 17 January 2023 01:15 AM
සිංහල භාෂාව විනාශය කරා යනහැටි දැක්කම හරිම දුකක් ඇතිවෙනවා බලන්න මෙහිදී ගමේ නම ලියාතියෙන්නෙ ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරලා මොකද සිංහල භාෂාවේ ඕනම දෙයක් ලියන්න අකුරු තිබුනත් ඉංග්‍රීසියෙන් නැහැ ඇත්තටම බෝඹුවල කියලා ලියද්දි ම් අකුරක් ලියන්නෙ මොකටද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

