රූපලාවන්‍ය ද්‍රව්‍ය, වාහන අමතර කොටම් හා අපනයන අයිතම වෙනුවෙන් වූ අමුද්‍රව්‍ය ආයනයට පනවා ඇති සිමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙම භාණ්ඩ වෙනුවෙන් ආනයන සීමා පැනවීමට සිදුවූ බවයි. එච්.එස්. කෝඩ් 1400කට පමණ ආනයන සීමා පැනවූ අතර එයින් 700ක් පමණ මේ වන විට ආයනය සීමා ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.