මහකළුගොල්ල පොලිස් වසමට අයත් 06 කණුව කෝන්ගස්පිටිය ප්‍රදේශයේදී ඉකුත් (16) වෙනිදා රාත්‍රී යතුරුපැදියක් ගසක ගැටීමෙන් පැදිකරුවූ උපාධිධාරී තරුණයෙකු මියගොස් ඇතැයි මහකළුගොල්ල පොලීසිය පවසයි.
කන්දඋඩපංගුව නැව්ගල පදිංචි ආර්.එම් සුපුන් විදුසංඛ බණ්ඩාර (26) නැමති මීට වසර එක හමාරකට පමණ ඉහතදී රුහුණු විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා පිටවගොස් ඇති තරුණයෙකු මෙලෙස මියගොස් ඇත.
හෙතෙම යතුරුපැදියකින් හහේ කණුවේ සිට කෝන්ගස්පිටිය ප්‍රදේශයට යමින් සිටියදී වේගය පාලනයකර ගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ගොස් ගසක හැපී බරපතළ තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මහකළුගොල්ල පොලිස් ස්ථානාධිපති බුද්ධික විදානගමගේ මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.