ගාල්ලේ අක්මීමණ පිහිටි රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඊයේ (26) රාත්‍රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 14 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙලෙස ඇතුළත් කර ඇත්තේ විද්‍යා පීඨයේ නේවාසිකව ඉගෙනුම ලබන සිසුන් පිරිසකි. තුවාල ලැබූ සිසුන් පවසන්නේ මීට පෙර එම පීඨයේ අධ්‍යාපනය හදාරා දැනට සීමාවාසික පුහුණු ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත කර සිටින පිරිසක් හදිසියේ ම නේවාසිකාගාරයට පැමිණ තමන්ට පහරදුන් බවයි.
කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් විද්‍යා පීඨය වසා දමා තිබිය දී ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකළ බැවින් නවකවදය දීමට නොහැකි වූ බැවින් ඒ සඳහා පැමිණි බව පවසමින් මේ ගැටුම ඇතිකරගත් බව ද තුවාල ලැබූ සිසුන් පවසයි.
ඊයේ (26) රාත්‍රියේ නේවාසිකාගාරයට පැමිණි සීමාවාසික සිසු පිරිස නවක සිසුන්ගේ ජංගම දුරකථන ඔවුන්ගේ බාරයට ගෙන වදදීම ආරම්භ කළ බවත් එහි දී ඇති වූ බහින් බස්වීම්වලින් පසු පහරදුන් බවත් නේවාසික සිසුහු පවසති.
රුහුණ විද්‍යා පීඨයේ ප්‍රකාශකයෙකු කීවේ ඊයේ(26) රාත්‍රී 50ක පමණ පිරිසක් විද්‍යා පීඨයේ වැට කඩාගෙන ඇතුළු වී ඇති බවයි. අක්මීමණ පොලිසිය සඳහන් කලේ මේ සම්බන්දව තවම පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
සිරංගිකා ලොකුකරවිට
