රුසියාවේ S7 Airlines සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් නගරය (Novosibirsk) සහ කටුනායක අතර නව ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
නව ගුවන් ගමන් 2026 දෙසැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ගුවන් ගමන් සතියකට දෙවරක්, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
නොවොසිබිර්ස්ක්හි ටොල්මාචෙවෝ ගුවන්තොටුපළෙන් බ්‍රහස්පතින්දා පෙරවරු 5.15ටත්, ඉරිදා පෙරවරු 5.00ටත් ගුවන් යානා පිටත් වන අතර, පස්වරු 1.40ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වීමට නියමිතය.
කොළඹ සිට ආපසු ගුවන් ගමන් එම දිනවලම පස්වරු 2.50ට පිටත්වී, පසුදා අලුයම 2.15ට පමණ නොවොසිබිර්ස්ක් වෙත ළඟා වීමට නියමිතය.
මෙම ගමන සඳහා ඉන්දියාවේ ජයිපූර්හි තාක්ෂණික ඉන්ධන පිරවීමේ නැවතුමක් ද ඇතුළත් වන අතර, මගීන් එම අවස්ථාවේදී යානයෙන් බැසීමට අවශ්‍ය නොවන බව සඳහන් වේ. සම්පූර්ණ ගමන් කාලය පැය 10කට ආසන්න වනු ඇතැයි අපේක්ෂා කෙරේ.