රුසියානු තෙල් සමාගම්වලට ලංකාවට ඉන්ධන ලබාදිය හැක්කේ පෙර ගෙවීමේ පදනම මත පමණක් බවත් ලංකාවේ පවතින ටෙන්ඩර් ක්‍රියාවලියට ඔවුන්ට එක්විය නොහැකි බවට ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඔහුට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. " අපි කැමතිනම් ගිහිල්ලා ඔවුන් එක්ක දීර්ඝ කාලීනව ගිවිසුම්වලට එකඟ වෙන්න ඕන. එකේ වාසි අවාසි දෙකම තිබෙනවා. කෝප් කමිටුවත් අනෙකුත් කමිටුත් ලබාදී ඇති නිර්දේශ අනුව අපට ප්‍රසම්පාදනයෙන් පිටත යන්න බෑ.
සියලු දේශපාලන පක්ෂ අපිට රුසියානු සමාගම්වලින් තෙල් අඩුවට ගන්න පුළුවන් බවට අපිට ලබාදුන් යෝජනාවලට අපි සෑම සමාගමකටම ඇණවුම් සහතියක් ලබා දී තිබෙනවා.
සමාගම් 12කට වැඩිය අපි ලිපි ලේඛණ ලබාදි තිබෙනවා. ඕනෑම අවස්තාවක අපිට ඇණවුම් ලබාදෙන්න පුළුවන්. ඒ ඇණවුම් වලට ලැබෙන්නේ නැති එක තමයි ගැටලුව"