කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන්නැයි රුසියානු - යුක්රේන ගැටුමට මැදිහත් වී සිටින සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය මගින් මෙම නිවේදනය නිකුත් කර ඇත.එහි මෙසේ සඳහන් වේ.
යුක්රේනයේ මෑත කාලීනව සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත් වී ඇත.
කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සං යමයකින් යුතුව ක්‍රියා කරන ලෙසත්, එදිරිවාදිකම් වහා නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාව අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.
රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් සහ අවංක සංවාදය තුළින් මෙම අර්බුදය විසඳා ගැනීම පිණිස අදාළ සියලු පාර්ශ්වවල සාමූහික උත්සාහයක අවශ්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.