රුමේනියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 36ට නව රැකියා
මැයි 24 වන දින රුමේනියාවේ බුකාරෙස්ට් ගුවන්තොටුපලේ අතරමංව සිටි ශ්‍රී ලාංකික කම්කරුවන් 36 දෙනාට නව රැකියා අවස්ථා හිමිව තිබේ.
රුමේනියානු කම්කරු අමාත්‍ය වයලෙටා ඇලෙක්සැන්ඩ්ර මහතාගේ මැදිහත්වීම මත ඔවුන්ට මෙසේ නව රැකියා අවස්ථා හිමිව තිබේ.
කොවිඩ් 19 ආසාදනය වූ ලාංකිකයන් කිහිප දෙනෙනක් රුමේනියාවේ හමුවීමත් සමග මෙම පිරිසට රැකියා අවස්ථා අහිමිවිය.
රුමේනියාවට සමගාමීව ප්‍රතීතනය ලත් වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රුමේනියාවේ ශ්‍රී ලාංකිකයන්ට රුමේනියානු කම්කරු අමාත්‍යාංශයේ සහ අනෙකුත් සංවිධානවල පහසුකම් ඇතිව කම්කරුවන්ට සුදුසු නවාතැන් පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා සැපයීමට කටයුතු කළේය.
ඒ අනුව රුමේනියාවේ ශ්‍රමිකයන් 36 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට රුමේනියාවේ දිගටම රැකියා ලබා ගැනීම සඳහා විකල්ප සේවා යෝජකයෙකු ලබා දී ඇති බව රුමේනියානු රජය අද (මැයි 27) ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.
මෙම කාරණය සාමකාමීව විසඳා ගැනීමට රුමේනියානු රජය ගත් උත්සාහය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අගය කළේය.
popular news
-
විදේශ ගත අපි Thursday, 28 May 2020 07:25 AM
විදේශ ගතවන කිසිමකෙනෙකුට ලබාදෙන වරප්‍රසාදයක් නැත. ඔවුන් අසනීප උනොත්, යන ගැටළු ඇති උනොත් අහක බලාගන්න රජයේ එකම අබිලාශය මෙලෝ වැඩක් නැති විදේශ සේවා අමාත්‍යංශය මගින් මුදල් ය කිරීම, ඔවුන් දහදිය මහන්සියෙන් එවන මුදලින් සපවිදීම හා ඔවුන් විපතකට පත් වුන විට අහක බලාගැනීම පමණි. රජය හා එහි කටුකන බල්ලන් ලව ඔවුන්ව අවමානයට පත් කිරීම පමණි. - මෙසේ පහත දුෂ්ට සැලකීමට හා ඒවෙනුවෙන් අගුලුතබන නිකමුන්ට තම විරෝදය පලකිරීම පෙන්වීමට තම පවුලට එදිනෙද වියදමට අවශ්‍ය අවම මුදල් පමණක් ලංකාවට යැවීම මගින් විරෝදය පෙන්වමු. මෙය පක්ෂ පට ගැන ප්‍රශ්නයක් නොවේ. මොක බලයේ උන්නත් දුප්පතාට පිටු පා මුදල් ඇති, බලය ඇති එවුන් වෙනුවෙන් පෙනීසිටින දේශපාලකයන්ට දේන පණිවිඩයකි. නැවත ලංකාවට එන්න ආරක්ෂා කාරීව එන්න ලැබෙන විට මුදල් ගෙන එන්න. මේකේ සිංහයෝ වගේ කොටන නිකම්මුන්ගේ කෙරුවාව බල සිටිමු.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

