නියමිත පරිදි ගබඩා නොකිරීම හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ ප්රමාණයක් තත්ත්වයෙන් අසමත්වී ඇති බව කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය වෙයි.
මෙම ඖෂධ අසමත් බව තහවුරු කරගන්නා විට එම ඖෂධවලින් සියයට අනු නවයක්ම රෝගීන් වෙත ලබා දී ඇති බවත් සඳහන්.
මෙම තත්ත්වයෙන් අසමත් ඖෂධ පිරිවැය සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමටද නොහැකි වී ඇතැයිද සඳහන් වෙයි.