ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (18දා) කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා සහ ශ්‍රීලංනානෞ ගජබා ආයතනයන් එක්ව පී 148 වෙරළබඩ මුර යාත්‍රාව සහ විශේෂ යාත්‍රා බලඝණයේ කුඩා යාත්‍රා යොදවා ඊයේ සන්ධ්‍යා කාලයේ මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී.
එහිදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරික්ෂාවට ලක් කර එහි ගෝනි උර 6ක් තුල අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 175 කට ආසන්න තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 52 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 34 යන වයසේ පසුවන වන වංකාලේපාඩු, උදයපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත