සමෘද්ධි සහනාධාර මුදල් ගෙවිම රාජ්‍ය බැංකු වෙත ලබා දීම හරහා ආණ්ඩුව සමෘද්ධි බැංකු අකර්මන්‍ය කිරීමේ උත්සහයක නිරත වන බව සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහත පවසයි.
සමෘද්ධි සහනාධාර ලබන පවුල් ලක්ෂ 16 හා සෙසු දීමනා ලබන ලක්ෂ 4 ආසන්න ප්‍රමාණයක මාසික සහනාධාර මුදල් සැප්තැම්බර් මස සිට වාණිජ බැංකු වෙතින් ගෙවීමට අමාත්‍ය මණඩලය තීරණය ගෙන ඇති බවත් එම තීරණය හමුවේ සමෘද්ධි බැංකු පද්ධතිය අකර්මන්‍ය වී එයින් ගැටලූ රැසකට මුහුණ දීමට සිදු වනු ඇති බවත් ඔහු පවසයි.
අඩු ආදායම්ලාභී ජනතාව සතු රු බි 600 ආසන්න වත්කම් සහිත මෙම බැංකු පද්ධතිය ඈවර කිරීමේ උත්සහයට විරෝධය පළ කරන බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසයි.