රු.බි. 26ක් වියදම් වුවත් කොළඹ ඝන අපද්රව්ය කළමණාකරණ ව්යාපෘතිය තවමත් අවසන් නෑ
කොළඹ අගනගරය ආශ්රිත ඝන අපද්රව්ය කළමණාකරණ ව්යාපෘතිය සදහා මේ වනවිට රුපියල් මිලියන 26,029.06ක මුදලක් වැයකොට තිබුණද ව්යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන් වි නොමැතිවිම හේතුවෙන් මෙකි ව්යාපෘතිය මගින් අපේක්ෂිත ප්රථිපල ලබා ගැනිමට නොහැකිවි ඇති බව අනාවරණය වි ඇත.
මෙම ව්යාපෘතිය ආරම්භකර දැනට වසර 09ක් ගතවි ඇති අතර එහි ඉදිකිරිම් කටයුතු අවසන් වි නොමැති බැවින් ව්යාපෘතිය සක්රියකර අපේක්ෂිත ප්රථිපල ලබා ගැනිමට නොහැකිවි ඇති බවද අනාවරණය වි තිබේ. මෙම ව්යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 33,237.76කි.
මෙකි ව්යාපෘතිය 2017 වර්ෂයේ දෙසැම්බර් මස 29 වැනිදින ආරම්භකර 2019 ජුනි මස 30 වැනිදින වනවිට අවසන් කිරිමට සැලසුම්කොට තිබුණි. පැකේජ 04ක් යටතේ මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරිමට සැලසුම්කොට තිබුණි.
මෙහි කසළ හුවමාරු මධ්යස්ථානය, සනිපාරක්ෂක බිම් පිරවුම, දුම්රිය මාර්ග දිර්ඝ කිරිමේ කොන්ත්රාත්තුව චින සමාගමක් වෙත පවරා තිබුණි.
මෙකි චින සමාගමේ ප්රමාදය නිසා වරින්වර දිර්ඝ කිරිම් ලබා දි තිබුණද ඉදිකිරිම් කටයුතු ඉකුත් වර්ෂය අවසන්වනවිටත් අවසන්කර නොතිබුණි. මෙකි ව්යාපෘතිය සදහා ආනයනය කොට තිබු දුම්රිය බහාලුම් පෙට්ටි 94ක් ව්යාපෘතියේ අරමුණ සදහා යෙදවිමට නොහැකිවි තිබුණි. නිවාස ඉදිකිරිම් හා ජලසම්පාදන අමාත්යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

