රු.කෝටි 25ක කුෂ් කටුනායකදි අල්ලයි
රුපියල් විසි පන් කෝටි අසූ නව ලක්ෂ අසූ හතර දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු 12/07 දින දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 30 හැවිරිදි වියේ පසුවන විවාහක යුවළකි. ඔවුන් 12/07 දින දහවල් 12.00 ට මාළදිවයින මාළේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21 යි ග්‍රෑම් 582 ක ප්‍රමාණය ඇසුරුම් 24 ක් තුළ අසුරා රැගෙන විත් තිබුණි. මෙම මත්ද්‍රව්‍ය තොගය මීට පෙර තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු මොවුන්ට ලබා දුන් බවට මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත තොරතුරු වාර්තා වී තිබේ .
මොවුන් 12/08 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

