කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් යළිත් පාරිභෝගිකයන්ට රු 55 කට බිත්තරක් අලෙවි කරන බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසිය.
අජිත් ගුණසේකර මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (29දා) දින පස්වරුවේ නුවරඑලිය ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.
"රු 55 ට බිත්තර අලෙවි කිරිම නතර කළේ නෑ. අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව බිත්තර ලක්ෂ හතරක් කොළඹට ගෙනාවා.
බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර රැස් කරලා ලොරි 20 කින් කොළඹට බිත්තර ගෙනාවා.ප්‍රායෝගිකව අපි එකතු වෙලා , සංගම් සියල්ලම සහ කෘෂිකර්ම අමාත්‍යංශය එක්ව තමයි මේ වැඩසටහන පටන්ගත්තේ.
අපි කණ්ඩායම් වශයෙන් බෙදිලා එක් රැස් කරන බිත්තර කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හරිනවා.බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සමාජිකයන් ඔහුන්ගේ ලොරි රථ වලින් විවිධ නගර වලට ගිහින් බිත්තර අලෙවි කරනවා.
සමස්ත ලංකා කුකුල් ව්‍යාරිකයන්ගේ සංගමය වෙලදාමේ යෙදෙන සංගමයක් නෙවෙයි, අපි මිල තිරණය කරන්නේ නෑ කිසිවිටෙක.
අපිට දැඩි බිත්තර හිගයක් ආවා පසුගිය කාලයේ බිත්තර ගොවිපොලවල් කඩා වැටිම නිසා.
අගෝස්තු මාසයේ පාලන මිලක් දාපු නිසා ඒක උග්‍ර වුණා, ගොවිපොල හිමියන් මේකෙන් අයින් වුණා , ගොවිපොල නිෂ්පාදන අඩු වුණා 40% කින් විතර.
උත්සව සමයේ විශාල ඉල්ලුමක් තියෙනවා බිත්තර වලට , ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න නැ.බිත්තර අස්වැන්න වැඩි කාලේට රු 10 – 20 බිත්තර අලෙවි කරන්න බැ , දැන් ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැ.
මෙම ව්‍යාපාරයේ යෙදුණ නැති අය , ගොවිපොලවල් වලට ගිහින් වැඩි මිලට තොග වශයෙන් බිත්තර ලබාගෙන අධික මිලකට අලෙවි කරනවා.
තොග වෙලදුන් අධික මිලකට සිල්ලර වෙලෙදුන්ට අලෙවි කරනවා , වැඩි මිලට පාරිභෝගිකයන් මිල දි ගන්නවා උත්සව සමය නිසා.
සමාජ ජාලා ඔස්සේ කොතරම් විවේචනය කරත් , අපිට ඕනි ප්‍රායෝගික විසදුම් දෙන්න.
තවද අධයාපන අමාත්‍යංශය සමග තම සංගමය එක් වි අඩු අදායම්ලාභි පවුල් වල පාසල් ළමුන්ට කිරි විදුරුවක් සහ බිත්තර නොමිලේ ලබාදිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවද අජිත් ගුණසේකර මහතා පැවසිය.
මේ අතර නුවරඑලිය සහ හැටන් යන ප්‍රදේශවල දැඩි බිත්තර හිගයක් පවතින අතර , දැනට පවතින බිත්තර රු 60 ක සිල්ලර මිලකට වෙලෙදුන් අලෙවි කරන අතර, ඇතැම් බිත්තර වෙලදසැල් වසා දමා ඇත.

