පෑලියගොඩ පොලිස් වසමේ පෙතියාගොඩ ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත පරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමඟ ඊයේ සවස වැටලීමක් සිදුකර රුපියල් මිලියන 850 ක් පමන වටිනා කමින් යුත් පරිභෝජනයට නොසුදුසු සීනි ටොන් 4250 ක් (සීනි මිටි 85000) සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 43, 45, 47 සහ 61 වයස්වල පසුවන කඩුවල, අංගොඩ, පිලියන්දල හා හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්දයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.