රු. ලක්ෂ 17ක ඩිසල් ලීටර් 4620ක් අත්අඩංගුවට
අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ මුලස්ථාන පොලිසිය මගින් කල්මුන කුඩි මාදවන් පාරේ විකිණිමට සගවා තිබු ඩිසල් බැරල් 22 ක් අත් අඩංගුවට ගැනිමට සමත්වි තිබේ.
කල්මුනේ මුලස්ථාන පොලිස් පරීක්ෂක ලසන්ත කලුආරච්චි මහතාට ලැබුන තොරතුරක් අනුව මෙම වැටලිම සිදුකර තිබේ.
මෙම ඩිසල් බැරල් 22 තුල ඩිසල් ලිටර් 4620 ක් තිබි ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 17 ක් පමන වන බව විමර්ශණ නිළධාරින් පවසයි.අත් අඩංලුවට ගත් සැකකරු විවිධ ක්‍රම උපයෝගි කර ගනිමින් මෙම ඩිසල් එකතු කර සගවා තිබේ.
මෙම ඩීසල් තොගය සමග එක් සැකකරුවෙක් අත් අඩංගුවගෛන තිබේ.සැකකරු හෙට 07 කල්මුනේ මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් අනුව අම්පාර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත බංඩාර කස්තුරි ආරච්චි මහතාගේ මෙහයවිමෙන් කල්මුනේ සහකාර පොලිස් අධිකාරි ඉබුනු අෂාර් මහතාගේ අධික්ෂණය යටතේ කල්මුනේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කලුආරච්චි මහතා ඇතුලු නිළධාරින් විසින් මෙම වැටලිම සිදුකර තිබේ.
අම්පාර වසන්ත චන්ද්‍රපාල

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
