හෘද්‍යාබාධයකින් මිය ගියේ යැයි කියමින් අලුත්වල ප්‍රදේශයේ භූමිදානය කළ අයෙකුගේ මිය යාම ඝාතනයක් බව අනාවරණය කරගෙන එයට සම්බන්ධ මිය ගිය තැනැත්තාගේ එකම දියණිය වන පාසල් අනධ්‍යන සේවිකාවක් හා විසිතුන් හැවිරිදි තරුණයෙකු පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව බටපොළ පොලීසිය කියයි.
මිය ගිය සිය පියාගේ බැංකු පොත්වල තිබෙන රුපියල් කෝටියකට ආසන්න මුදල් සහ ඉඩකඩම් ලබා ගැනීමේ අරමුණින් මේ ඝාතනය ඔහුගේ දියණිය විසිතුන් හැවිරිදි තරුණයකු ලව්වා සිදුකරන ලද්දක් බව අනාවරණයවී මෙන් පසු ඔහුගේ භූමි දානයෙන් සත් දිනකින් මේ දියණිය සහ විසිතුන් හැවිරිදි තරුණයා සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.
හෘදයාබාධයෙන් පෙලෙන සිය පියා ඇදේදීම මිය ගියේ යයි කියමින් සැකකාර දියණිය ඔහු හෘදයාබාධයට ප්‍රතිකාර ගත් බෙහෙත් සහ තුන්ඩු රැගෙන පොලීසියට පැමිණියේ හඩා වැලපෙමින් බවද කී පොලීසිය ඒ අනුව මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණයට ගිය පොලිස් නිලධාරීන්ට සහ වෛදය පරීක්ෂණය කළ අධිකරණ වෛදයවරයාට ඇතිවූ සැකය නිසා සිදු කළ සූක්ෂම පරීක්ෂණයෙන් මෙය අසනීප තත්ත්වයකින් මියයාමක් නොව ඝතනයක් බව හෙළිකර ගැනීමට සමත්වූ බව පොලීසිය කියයි.
සැකකාර දියණියගේ ජංගම දුරකතනයට ආ සහ ගිය දුරකතන ඇමතුම් විශ්ලේෂනය කිරීමේදී මේ ඝාතනයේ සුලමුල හෙළිවූ බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පාසලක රසායනාගාර සහායිකාවක් ලෙස සේවය කරන තිදරු මවක වන මේ සැකකාර දියණිය පියාගේ බැංකු පොත්වල මුදල් වලට සහ ඉඩකඩම් වලට ලොබ බැද නවීනතම පන්නයේ යතුරු පැදියකට ආශාව තිබූ බෙන්තොට මිරිස්වත්ත ප්‍රදේශයේ විසිතුන් හැවිරිදි තරුණයෙකු ලවා මේ ඝාතනය සිදුකොට ඇති බවද පොලීසිය කියයි.
හික්කඩුවේ රෑ පැවති සංගීත සැදෑවක් නැරඹීමට මේ සැකකාර දියණිය සිය දරුවන් තිදෙනා සමග යතුරු පැදියෙන් යනුයේ සිය පියා පමණක් නිවසේ තනිකර බව පැවසූ පොලීසිය ඒ බැව් සිය ජංගම දුරකතනයෙන් සැකකාර තරුණයාට ඇය දැනුම් දුන්නේ නිවසේ යතුර සගවා තිබූ ස්ථානය ද දන්වමිනි.
සිය පියා කාටවත් නොදැනෙන්න ඝාතනය කළ හොත් ඔහු ආශාම කරන යතුරු පැදිය රැගෙන දෙන බව ඇය පවසන්නේ මේ ඝාතනයේ කොන්තාත්තුව තරුණයාට ලබාදෙමින් බවත් පොලීසිය කියයි.
ඒ අනුව කියාත්මක වන තරුණයා කවුරුත් නොමැති මේ නිවසට රෑ පැමිණ නිවසේ යතුර සගවා තිබූ තැනින් ගෙන කාමරයේ නිදාසිටි ඔහුගේ කට නාසය කොට්ටයට තියා තද කර බොහෝම මහන්සියෙන් ඝාතනය කර යන්නේ ස්වභාවිකව සිදුවූ මරණයක් ලෙසට ඔහුගේ දේහයද ඇදේ නිසි පරිදි තබා කිසිම සාක්ෂියක් ඉතිරි නොකර නිවසින් නිසි පරිදි පිටව ගොස් ඇති බවත් පොලීසිය කියයි.
රෑ සංගීත සංදර්ශනය බලා කිසිවක් නොදත්තකු සේ නිවසට පැමිණි මේ දියණිය සිය පියාගේ මළ සිරුර කාමරයේ තබා රෑ කෑමද කා ඇති බවද පොලීසිය කියයි. වැලලීමට ගිය අපරාධයක් සිය නිළධාරීන්ගේ සූක්ෂම පරීක්ෂණ හමුවේ අනාවරණය කර ගැනීමට හැකිවූ බවද පොලීසිය කියයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත