රු. කෝටි හතරක කොකේන් ගිල පැමිණි කාන්තාවක් අල්ලයි
රුපියල් කෝටි හතරක් පමණ වටිනා, කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , ගුලි ( Capsules ) ලෙස සකස් කර ඒවා ගිල දමා පැමිණි අප්‍රිකානු ජාතික කාන්තාවක් 07/17 දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඇය 54 වැනි වියේ පසුවන ඇංගෝලා ජාතික ගුරුවරියක වන අතර ඇය එච්.අයි.වී.ආසාදිත කාන්තාවක් බව රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඇය කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 50 ක් පමණ ගිල දමා , ඇංගෝලාවෙන් , ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර වෙත පැමිණ තිබුණි . ඉන්පසු ඇය එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් 07/17 දින රාත්‍රී 06.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
වඩාත් තරබාරු ඇය රෝද පුටුවක ( Wheel Chair ) ආධාරයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වීමට තැත් කර තිබුණි.
ඇය අත් අඩංගුවට ගත් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති අතර , ඔවුන් වහාම මෙම කාන්තාවගේ ආමාශයේ ඇති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ .
ඒ අනුව 07/19 දින උදෑසන වනවිට ඇය කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 50 ක් පිටතට දමා ඇති අතර , ඇය එක්ස් කිරණ ( X - Ray) සහ පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා ( Scan Test) කිරීම් වලදී තවදුරටත් ඇයගේ ආමාශය තුළ මත්ද්‍රව්‍ය ගුලි කීපයක් ඉතිරි වී ඇති බව පෙන්නුම් කරන අතර , මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් තව දුරටත් විරේක බෙහෙත් ලබා දෙමින් , මෙම ඉතිරි මත්ද්‍රව්‍ය ගුලි පිටතට ගැනීමට ප්රයත්න දරමින් සිටිති .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
